Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපරිකයෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

36 minutes ago

ප්‍රකට ව්‍යාපාර ආයතනයක් වන, “හවුස් ඔෆ් ෆැෂන්ස්” හි (House of Fashions) හිමිකරු ප්‍රීති ජයවර්ධන මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (17) නියෝග කළා.

ශ්‍රී ලංකා රේගුව මගින් ක්‍රියාත්මක කරනු ලබන විමර්ශනයකට අදාළව, රේගු නිලධාරීන් පිරිසක් විසින් ප්‍රීති ජයවර්ධන මහතා ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ නමුත්, අත්අඩංගුවේ පසුවෙද්දී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

සැකකරු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රෝහල වෙත පැමිණ ඔහුව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව, ප්‍රීති ජයවර්ධන මහතා මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *