ප්‍රකට ව්‍යාපාර ආයතනයක් වන, “හවුස් ඔෆ් ෆැෂන්ස්” හි (House of Fashions) හිමිකරු ප්‍රීති ජයවර්ධන මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (17) නියෝග කළා.
ශ්‍රී ලංකා රේගුව මගින් ක්‍රියාත්මක කරනු ලබන විමර්ශනයකට අදාළව, රේගු නිලධාරීන් පිරිසක් විසින් ප්‍රීති ජයවර්ධන මහතා ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කෙසේ නමුත්, අත්අඩංගුවේ පසුවෙද්දී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
සැකකරු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රෝහල වෙත පැමිණ ඔහුව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය නිකුත් කර තිබේ.
ඒ අනුව, ප්‍රීති ජයවර්ධන මහතා මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකෝ රිසෝට් ව්‍යාපෘතියක් අනුරාධපුර දී අරඹයි
වසර 25කට පෙර කළ පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ පස්දෙනෙකුට මරණ දඬුවම! එකම පවුලේ මව, පියා සහ පුතුන් දෙදෙනා ඒ අතර!
හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරවාචාර සහිතව ලබන සඳුදා! අබිරහස සෙවීමට පුළුල් විමර්ශන!
තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් සහ අග්‍රාමාත්‍යවරිය හමුවක්
ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් වෙනුවෙන් බාබඩෝස්හි ජාතික ශෝක දින 2ක්
පොලිස් සැරයන්වරයෙකුට දිවි අහිමි කළ මාරක අනතුර
මේ ලාංඡනය නැත්නම් සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය සහ අලෙවිය තහනම්
රඛිත-චරිත් හරක්කටාගෙන් ගත්තු ලක්ෂ 1,200න් කොටසක් හිමිනමක් ලවා පොලිසියේ ලොක්කන්ට දීලා?
අමෙරිකාව සහ ඉරානය අතර දරුණු සටන්
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට වෙනසක්! 2026 ශූරයන්ට ‘ශූරතා මුදු’!
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ කථානායකට
Jaffna Kings කණ්ඩායමේ සම හිමිකරු රිමාන්ඩ් කිරීමට නියෝග