2026 ඔක්තෝබර් (08) වැනිදා සිට භාණ්ඩ සහතික ලාංඡනය (SLS) නොමැති දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය, ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම සහ අලෙවි කිරීම තහනම් වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12(2) වැනි වගන්තිය යටතේ මෙම විධානය නිකුත් කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන (SLS) භාණ්ඩ සහතික ලාංඡනය දරන්නේ නම් පමණක් එම නිෂ්පාදනය වෙළෙඳපොළ වෙත නිකුත් කළ හැකි බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
මෙම නියෝගය එක්වරක් පමණක් භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා (SLS 1732) සහ එක්වරක් පමණක් භාවිත කළ හැකි සිහින් සනීපාරක්ෂක තුවා (SLS 1748) සඳහා අදාළ වේ.
තවද, ආනයනය කරන සනීපාරක්ෂක තුවාද ආනයන ප්‍රමිතිකරණ හා තත්ත්ව පාලන පරීක්ෂණ ක්‍රමවේදය යටතේ පරීක්ෂා කර අනුමත කර නොමැති නම්, ඒවා ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම හෝ අලෙවි කිරීම තහනම් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

රඛිත-චරිත් හරක්කටාගෙන් ගත්තු ලක්ෂ 1,200න් කොටසක් හිමිනමක් ලවා පොලිසියේ ලොක්කන්ට දීලා?
අමෙරිකාව සහ ඉරානය අතර දරුණු සටන්
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට වෙනසක්! 2026 ශූරයන්ට ‘ශූරතා මුදු’!
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ කථානායකට
Jaffna Kings කණ්ඩායමේ සම හිමිකරු රිමාන්ඩ් කිරීමට නියෝග
නොවැම්බරයේ ඩෙංගු වැඩි වෙයි ද ?
එතෙක් මෙතෙක් ඉතිහාසයේ බිහි වූ සුපිරි ක්‍රිකට් පුරාවෘත්තයක් වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි
හිටපු පොලිස්පති CDගේ සියදිවි නසාගැනීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුර සෘජුව මැදිහත් වෙයි
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට වැඩ වරදිනු ලකුණු! මාස 6ක සිරදඬුවම්?
එරංග ගුණසේකරට සහ ජගත් මනුවර්ණට වරෙන්තු
කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ උකුළ මත වාඩි වූ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කරයි