Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට වෙනසක්! 2026 ශූරයන්ට ‘ශූරතා මුදු’!

27 minutes ago

2026 පාපන්දු ලෝක ශූරයන් සඳහා ජයග්‍රාහී කුසලානයට අමතරව ‘ශූරතා මුදු’ (championship rings) පිරිනැමීමට ලෝක පාපන්දු සම්මේලනය (FIFA) තීරණය කර තිබේ. පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ මෙවැනි ඇගයීමක් සිදුකරන පළමු අවස්ථාව මෙය වේ.

ක්‍රීඩා ලෝකය තුළ ජයග්‍රාහකයින් වෙනුවෙන් මෙලෙස ශූරතා මුදු පිරිනැමීම සාමාන්‍යයෙන් දැකගත හැක්කේ NFL සහ NBA වැනි අමෙරිකාව තුළ පැවැත්වෙන ප්‍රධාන පෙළේ ක්‍රීඩා ඉසව් තුළදීය. මෙවර ලෝක කුසලානය ඇතුළු උතුරු අමෙරිකානු කලාපය කේන්ද්‍ර කරගනිමින් මෙම නව සම්ප්‍රදාය පාපන්දු ක්‍රීඩාවට ද හඳුන්වා දීමට FIFA පියවර ගෙන ඇත.

මෙවර ලෝක කුසලාන වසර (2026) සිහිගන්වමින් සමස්ත මුදු එකතුව 2026ක් ලෙස නිර්මාණය කර තිබීම සුවිශේෂී කරුණකි. එම මුදු ප්‍රමාණය බෙදී යන්නේ මෙලෙසිනි:

  • ලෝක ශූර කණ්ඩායමට: මෙවර පාපන්දු ලෝක ශූරතාව දිනාගන්නා කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ නිලධාරීන් වෙනුවෙන් මුදු 30ක් වෙන් කර තිබේ.
  • ක්‍රීඩා ලෝලීන් සඳහා: ඉතිරි මුදු 1,996ක් ලොව පුරා සිටින පාපන්දු ලෝලීන් වෙනුවෙන් විශේෂ මතක වස්තුවක් ලෙස අලෙවි කිරීමට නියමිත බව වාර්තා වේ.
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *