Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලිස් සැරයන්වරයෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

11 minutes ago

යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ වවුනියාව, නවගම ප්‍රදේශයේදී අද (18) අලුයම සිදුවූ බිහිසුණු රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව පොලීසිය පවසයි.

රාජකාරි කටයුතු නිම කර වවුනියාව, ඊරට්ටපෙරියකුලම ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී, ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වවුනියාව මූලස්ථාන පොලීසිය වෙත අනුයුක්තව සේවය කළ 46 හැවිරිදි වියේ පසුවූ පොලිස් සැරයන්වරයෙකි. මියගිය නිලධාරියාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මේ වන විට වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධියට අදාළ ටිපර් රථයේ රියදුරුව වවුනියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුර සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *