Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් වෙනුවෙන් බාබඩෝස්හි ජාතික ශෝක දින 2ක්

2 minutes ago

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාගේ අභාවය වෙනුවෙන් බාබඩෝස් රජය විසින් ජාතික ශෝක දින ප්‍රකාශයට පත් කර තිබේ.

බාබඩෝස්හි උපත ලබා, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ සෝබර්ස් මහතා අභාවප්‍රාප්ත වන විට 89 වැනි වියේ පසුවිය. සිය 90 වැනි උපන්දිනය සැමරීමට තවත් දින 11ක් ඉතිරිව තිබියදී ඊයේ (17) ඔහු මෙලෙස මෙලොවින් සමුගත්තේය.

සමස්ත ක්‍රිකට් ලෝකයම දැඩි කම්පාවට පත්කළ ශ්‍රීමත් ගාෆීල්ඩ් ශාන්ත ඕබින් සෝබර්ස්ගේ අභාවය සිදු වූ දිනය මෙන්ම, ඔහුගේ අවසන් කටයුතු සිදුකරන දිනය ද ජාතික ශෝක දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට බාබඩෝස් රජය පියවර ගෙන ඇත. ඒ අනුව එම දිනවලදී බාබඩෝස් රාජ්‍යයේ ජාතික කොඩි අඩකුඹු කර තැබීමට ද නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *