Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

1 month ago

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගයේ ප්‍රතිඵල අද (20) දින නිකුත් කර තිබෙනවා.

මෙවර විභාගය සඳහා මුළු අයදුම්කරුවන් 200,235 දෙනෙකු ලියාපදිංචි වී සිටි අතර, ඒ අතරින් පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 199,598 ක්.

පෞද්ගලික අයදුම්කරුවන් 637 දෙනෙකු ද ඊට ඇතුළත් විය. දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 1,669 කදී සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325 ක අධීක්ෂණය යටතේ පැවැත්වුණු මෙම විභාගය සඳහා මෙවර සිසුන් 147,407 දෙනෙකු පෙනී සිට තිබෙනවා.

අයදුම්කරුවන්ට තමන්ගේ විභාග අංකය නිවැරදිව ඇතුළත් කිරීමෙන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන http://www.doenets.lk සහ http://www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබාගත හැකියි.

ලබන ජූලි 23 වෙනිදා සිට පහත සඳහන් ක්‍රමවේද ඔස්සේ ප්‍රතිඵල සටහන් බාගත කර ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

සියලුම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ට https://onlineexams.gov.lk/eic වෙබ් අඩවියේ ‘Personal Account Login’ හරහා තමන්ගේ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර ප්‍රතිඵල සටහන (Results Schedule) බාගත කරගත හැකියි.

විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති පරිශීලක නාමය (User Name) සහ මුරපදය (Password) භාවිත කර, https://onlineexams.gov.lk/eic හි ‘School Account Login’ වෙත පිවිස අදාළ පාසලේ මුළු ප්‍රතිඵල ලේඛනයම බාගත කර මුද්‍රිත පිටපතක් ලබාගත හැකිය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *