මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව වැඩිදුර විභාගය සඳහා අගෝස්තු මස 20 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
මෙම නඩුකරය අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
ඒ අවස්ථාවේදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.
ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා අසනීප තත්වයෙන් පසුවන බවත් ඒ අනුව නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා අගෝස්තු මස 20 වනදා කැඳවන ලෙස නියෝග කළේය.
එදින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි නාවික හමුදා නිලධාරීන් ඇතුළු සාක්ෂිකරුවන්ට මීලඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා විසින් අවවාද කළේය.
දෙහිවල සහ රත්මලාන ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 730 කට අධික ඉඩම් කට්ටි පහක් අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයෝ පත් කෙරෙති
වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ සිද්ධියට සිව්දෙනෙකු අත්අඩංගුවට
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 116කින් පරාජය වෙයි
මහපොළ ශිෂ්‍යත්වලාභීන් ලියාපදිංචි කිරීම ඇරඹේ
කම්කරු දෙපාර්තුමේන්තුවෙන් දැනුම්දීමක්
මරණ සහතිකය ඩිජිටල් වෙයි
ජැෆ්නා කිංග්ස් හිමිකාරීත්වය අවලංගු කෙරේ! පාලනය SLC සහ IPG වෙත!
තෙවන පාසල් වාරයේ ආරම්භය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්
ෂීක් හසීනා ආපසු එන්න හදයි: බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් ඉල්ලා අස්වීමට සූදානම්!
කතානායකවරයාගෙන් මන්ත්‍රීවරුන්ට විශේෂ උපදෙසක්
ශ්‍රී ලංකා රුපියලට සුළු අස්වැසිල්ලක්