අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය.
පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සිද්ධියට අදාළව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙනෙන ලද විශ්වාස භංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී පෙ.ව 11.30 සිට ප.ව 6.00 දක්වා විවාදය ගැණිනි.
අනතුරුව පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 36ක් ද විපක්ෂව ඡන්ද 152ක් හිමිවූ අතර, මේ අනුව විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 116 කින් පරාජයට පත්විය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් 2026 ජූලි 21 වන දින කථානායකවරයා වෙත භාරදෙන ලද විශ්වාසභංග යෝජනාව මෙසේ අද දින විවාදයට ගැනීම සිදුවිය.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්
මහපොළ ශිෂ්‍යත්වලාභීන් ලියාපදිංචි කිරීම ඇරඹේ
කම්කරු දෙපාර්තුමේන්තුවෙන් දැනුම්දීමක්
මරණ සහතිකය ඩිජිටල් වෙයි
ජැෆ්නා කිංග්ස් හිමිකාරීත්වය අවලංගු කෙරේ! පාලනය SLC සහ IPG වෙත!
තෙවන පාසල් වාරයේ ආරම්භය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්
ෂීක් හසීනා ආපසු එන්න හදයි: බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් ඉල්ලා අස්වීමට සූදානම්!
කතානායකවරයාගෙන් මන්ත්‍රීවරුන්ට විශේෂ උපදෙසක්
ශ්‍රී ලංකා රුපියලට සුළු අස්වැසිල්ලක්
පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට