Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කතානායකවරයාගෙන් මන්ත්‍රීවරුන්ට විශේෂ උපදෙසක්

26 minutes ago

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළව අද (24) පැවැත්වෙන විවාදයේදී සිය අදහස් ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන්, ස්ථාවර නියෝග අනුව පමණක් අදහස් ප්‍රකාශ කළ යුතු බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න දැනුම් දුන්නා.

ඒ අනුව, පාර්ලිමේන්තුව ආරම්භයේදී කතානායකවරයා නිවේදනය කළේ, පසුගියදා පැවති පක්ෂ නායක රැස්වීමේදී එළඹි එකගතා අනුව මෙම දැනුම් දීම සිදුකරන බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රිවරුවන් 37 දෙනෙකුගේ අත්සන් සහිතව මෙම විශ්වාසභංග යෝජනාව පසුගියදා කතානායකවරයා වෙත භාර දෙනු ලැබුවේ මීගමුව බන්ධනාගාර ගැටුමේදී අධිකරණ අමාත්‍යවරයා සිය වගකීම් ඉටුකිරීමට අපොහොසත් වීම ඇතුළු කරුණු රැසක් මුල් කරගනිමින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *