අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධ දේශපාලනඥයෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවකට අදාළ අධිචෝදනා පත්‍රයේ සඳහන් බැංකු ගිණුම තමන්ගේ එකක් නොවන බවත්, ඒ හා සම්බන්ධයෙන් තමන්ව ඉලක්ක කරගනිමින් ව්‍යාජ පුවත් පලකළ පිරිස්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් රංගන ශිල්පිනී රීතූ ආකර්ෂා පවසනවා.
ඇය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ නිල නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ පවරා ඇති HCB 387/25 නඩුවට අදාළ අධිචෝදනා පත්‍රයේ, DFCC බැංකුවේ අංක 027104000818 දරන ගිණුමට 2010 සිට 2012 දක්වා කාලය තුළ මුදල් බැර කිරීම සම්බන්ධයෙන් තමාට චෝදනාවක් ඇතුළත් කර තිබෙන අතර, එම ගිණුම ‘රිතූ ආකර්ෂා’ නමින් පවතින බව කියමින්, මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා මඟින් තමාගේ ඡායාරූප සහ නම භාවිත කරමින් අදාළ ගනුදෙනුවට තමා සම්බන්ධ බවට මතයක් ගොඩනැඟීමට කටයුතු කර තිබූ බවද ඇය පෙන්වා දී තිබෙනවා.
එහෙත්, DFCC බැංකුවේ කිසිදු ගිණුමක් තමන් සතුව නොමැති බවත්, අධිචෝදනා පත්‍රයේ සඳහන් අංක 027104000818 දරන ගිණුම ද තමන්ගේ එකක් නොවන බවත්, තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවද ඇය සඳහන් කරනවා.
තවද, අදාළ සිදුවීම සිදුවූවා යැයි කියන 2010-2012 කාලසීමාව තුළ තමන් පාසල් ශිෂ්‍යාවක්ව සිටි බව ද ඇය පෙන්වා දී තිබෙනවා.
තමන්ගේ ප්‍රතිරූපයට සහ වෘත්තීමය කීර්තියට හානි කරමින් මෙලෙස අසත්‍ය හා ව්‍යාජ පුවත් ප්‍රචාරය කළ පුවත්පත්, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ගිණුම් හිමියන්ට එරෙහිව මේ වන විටත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, ඉදිරියටත් මෙවැනි ව්‍යාජ තොරතුරු පලකරන ඕනෑම අයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කරනවා.
DFCC බැංකුව විසින් ලබාදුන් නිල ලිපිය ද ඇය විසින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ඉදිරිපත් කර තිබෙනවා.


නාමල් රාජපක්ෂ අධිකරණයට
අද කාලගුණ නිවේදනය
අස්වැසුම සඳහා සුදුසුකම් ලැබූ අයගේ නම් බලා ගැනීමට QR කේත ක්‍රමයක්
ඉන්ධන මිල ඉහළ දැමීමට හේතුව බලශක්ති ඇමති පහදයි
රජයේ සේවකයින්ට මෙදා අයවැයෙන් ගජ වාසි! අවම වැටුප් වැඩිවීම 20,000ක්!
NPP මන්ත්‍රී සමඟ ඇති වූ සිද්ධියට අදාළ නඩුවෙන් සූරියකන්ද පොලිස් කොස්තාපල් නිදහස්
වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම – සිරුර පිළිස්සූ තැනින් අස්ථි කොටසුත් හමුවෙයි (වීඩියෝ)
හිරුණිකාට එරෙහි පැමිණිල්ලක් කල් යයි
මහ බැංකු බැඳුම්කර නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන ජනවාරි 28 දා
ආදරයක් සොයන ශ්‍රී ලාංකික තනිකඩයින්ටත් සියලුම වියදම් සහිතව ෆින්ලන්තයට යන්න සුපිරි අවස්ථාවක්! අයැදුම් කරන ආකාරය මෙන්න!
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැඩි තදබදයක්! අනවශ්‍ය ලෙස කලබල නොවන්නැයි ජනතාවට දැනුම්දීමක්!
ශ්‍රී ලංකා රුපියලට එල්ල වුණු මරු පහර