Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බන්ධනාගාර තදබදයට විකල්පයක්

1 day ago

බන්ධනාගාරවල පවතින දැඩි තදබදයට විකල්පයක් ලෙස, සුදුසු නඩු කටයුතුවලදී රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරෙන සැකකරුවන් සහ වැරදිකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීම සඳහා නව පනත් කෙටුම්පතක් කඩිනමින් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දී ඇති ප්‍රතිපත්තිමය අනුමැතියට අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් මෙම පනත් කෙටුම්පත සකස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර පනත් කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද කෙටුම්පත තවදුරටත් සමාලෝචනය කිරීම සඳහා 2025 ජුනි 23 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මූලික අනුමැතිය හිමිව තිබුණා.

ඒ අනුව, ඊට ඇතුළත් කළ යුතු තවත් වැදගත් විධිවිධානද හඳුනාගෙන තිබෙන බව අතර ඒ අනුව එම විධිවිධානද ඇතුළත් කර පනත් කෙටුම්පත කඩිනමින් අවසන් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන්නේ.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම අනුමැතිය හිමිව තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *