Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු 06කට වැඩ වරදී?

21 minutes ago

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ නිදහස් කරන ලෙස ඉල්ලා පැවැති සත්‍යග්‍රහයේදී අධිකරණ ක්‍රියාවලිය විවේචනය වන අයුරින් අදහස් දැක්වීම සම්බන්ධයෙන් දේශපාලන ක්‍රියාකාරීන් පිරිසකට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා අභියාචනාධිකරණයට වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

පසුගිය ජූලි 07 වනදා සිට 15 වනදා දක්වා පැවැති අදාළ සත්‍යග්‍රහය අතරතුර සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකළ විමර්ශනවල කරුණු අද කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ වාර්තා කරන ලදී.

මෙලෙස අධිකරණයට අපහාස කිරීමේ චෝදනා එල්ල වී ඇත්තේ පහත දේශපාලන ක්‍රියාකාරීන්ටය:

  • විමල් වීරවංශ
  • උදය ගම්මන්පිල
  • සුගීෂ්වර බණ්ඩාර
  • දිලිත් ජයවීර
  • අසංක නවරත්න
  • ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ පිරිස සිදුකර ඇති ප්‍රකාශවලින් අධිකරණ ක්‍රියාවලිය විවේචනය වී ඇති බව බැලූ බැල්මට පෙනී යන බව ප්‍රකාශ කළේය. ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ මොවුන්ට එරෙහිව අභියාචනාධිකරණයේ චෝදනා ගොනු කිරීම සඳහා ඉල්ලීමක් කිරීමට අධිකරණය තීරණය කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *