මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර එහි දේපළවලට රැඳවියන් විසින් සිදු කළ හානිය සම්බන්ධයෙන් සොයා බැලීමට තවත් කමිටුවක් පත් කර තිබෙනවා.
පසුගිය සෙනසුරාදා පස්වරුවේ රැඳවියන් පිරිසක් අතර ඇති වූ නොසන්සුන්තාව අතරතුරදී, ඔවුන් බන්ධනාගාර මුළුතැන්ගෙය, ප්‍රධාන ජේලර් කාර්යාලය, පුනරුත්ථාපන අංශය ඇතුළු බන්ධනාගාර දේපළ රැසක් විනාශ කර ඇති බවයි වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත සඳහන් කළේ.
මෙම කමිටුව හරහා, එම හානිය තක්සේරු කිරීම හා ඒවා යළි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කඩිනම් යෝජනා ඉදිරිපත් කිරීම සිදු කෙරෙනු ඇති බවයි සඳහන් වන්නේ.
මේ අතර, මහර බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට නිලධාරීන් තුන්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුව ද මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියා.

මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්
සිරදඬුවමින් නිදහස් වෙන්න හිරුණිකා ඉදිරිපත් කළ පෙත්සම ගැන ගත් තීන්දුව
අගෝස්තු මාසයේදී ලාෆ්ස් ගෑස් මිල ස්ථාවරයි
කොළඹ ප්රදේශ කිහිපයකට අද රාත්රියේ ජල කප්පාදුවක්
මීගමුව බන්ධනාගාර ගැටුමේ වාර්තාව ජනපතිට! වන්දි ගෙවීම පිළිබඳව විශේෂ අවධානයක්!
රුපියල අදත් නගී
සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් වැඩිදුර සලකාබැලීමට දින දෙයි
කොටස් වෙළෙඳපොළෙන් දැවැන්ත පිරිවැටුමක්
“උසම ගසට තමයි වැඩිම සුළඟ වැදෙන්නේ” නීතිඥ සංගමයේ සභාපතිගෙන් එල්ල වන චෝදනාවන්ට පිළිතුරු
අගෝස්තු මාසයට අදාළව ගෑස් මිලේ වෙනසක් නෑ
පාසල් නිවාඩුව ගැන විශේෂ දැනුම්දීමක්
සරසවි වරම් ලැබූ සිසුන්ට දැනුම්දීමක්