පූජාපිටිය ජල සම්පාදන යෝජනා ක්‍රමය මගින් ජලය ලබාදෙන ප්‍රදේශ රැසකට හෙට (06) වැනිදා පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා පැය 05 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සිදුකිරීම හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය පවසන්නේ.
ඒ අනුව ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහතින්,
මැදවල (පැරණි) සේවා ජලාශය
කැවුම්කොහේ පාර, ගෝණිගොඩ, ජයන්ති පාර, ගුරුකැවේ, පල්කුඹුර, ඉඩමේගම, අරඹේගම, ගොරොක්ගස් අංග පාර, එළමල්පත, කොටුතැන්න, පෙතියාගොඩවත්ත, කළුවාන, බෝතොට, හරංකහතැන්න, දොඩම්තැන්න, කුඹුරේගෙදර, දෙඹරලාව, තිබ්බුට් සහ තලපැලැල්ලේගොඩ පාර.
මැදවල (නව) සේවා ජලාශය
බටුගොඩ, ඇහැළගස්හින්න, දිද්දෙණිය, ඕවිස්ස, වටගොඩ, දොඹගම්මන, හෑදෙණිය, සූරියකුඹුර, අඹරුප්ප, හරංකහව, බොක්කාවල, වලතැන්න සහ පතිරාද.
ගල්ලෙනවත්ත සේවා ජලාශය
ගල්ලෙනවත්ත සහ ඛාන්අංග.
ගලගෙදර සේවා ජලාශය
ගලගෙදර, වැමඩ, බෝයගොඩ ආශ්‍රිත ප්‍රදේශ, රඹුක්කන පාර, පොහොලියද්ද පාර සහ කුරුණෑගල පාර.
මාවතගම සේවා ජලාශය
මාවතගම, බරන්දන පාර, රඹුක්කන පාර, පරගහදෙණිය, යටිවිල්ල, මිල්ලව සහ පිලැස්ස.
ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ ජල සම්පාදන මණ්ඩලය සිය කණගාටුව පළ කරන අතර, එම කාලය තුළ අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.
වැඩි විස්තර 1939 අංකයෙන් විමසීම් කළ හැකියි.

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් බදු අය කිරීමට එරෙහි පෙත්සමේ තීන්දුව අගෝස්තු 31
කංජිපානි අත්අඩංගුවට ගැනීමට ඕලුගලගේ ප්‍රධානත්වයෙන් දැවැන්ත මෙහෙයුමක්
දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු 06කට වැඩ වරදී?
මහර බන්ධනාගාරයේ දේපළවලට වූ හානිය සෙවීමට කමිටුවක්
පිඹුරෙක් එක්ක නටපු අවුරුදු කුමාරියට දඩ
LPL ඉතිහාසයේ නව වාර්තාවක්
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
සූදු වෙබ් අඩවි 24කට ශ්‍රී ලංකාව තුළ තහනමක්
ඉන්දීය විදේශ ලේකම් හා ජනපති අතර හමුවක්
අකිල විරාජ්ට අධිකරනයෙන් දුන් නියෝගය
හිටපු ඇමති අකිල විරාජ් අත්අඩංගුවට
උසස් පෙළ විභාගය කල්දමන්නැයි ඉල්ලූ FR පෙත්සම නිෂ්ප්‍රභ වෙයි