Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය මාස 5ක් තුළදී සැලකිය යුතු ලෙස පහළට! නවතම සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වෙයි!

1 day ago

වෙරිටේ රිසර්ච් (Verité Research) විසින් වත්මන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් සිදුකළ නවතම සමීක්ෂණයට අනුව ඉකුත් පෙබරවාරි මාසයට සාපේක්ෂව ‘ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය’ පසුගිය ජූලි මාසයේ දී 15%කින් අඩුවී තිබේ.

එම ආයතනය පෙබරවාරි මාසයේ සිදුකළ සමීක්ෂණයේදී මෙය 65%ක් දක්වා ඉහළ අගයක් ගෙන තිබූ අතර, එය මැතිවරණයට පසුව තිබූ ඉහළම අගය ලෙසද සැලකුණි.

කෙසේ නමුත් මාස 5ක් ඇතුළත එම අගය 50%ක් දක්වා අඩුවී ඇත.

මේ අතර මෙම සමීක්ෂණයට අනුව ‘ආර්ථිකයේ ඉදිරි දැක්ම’ පිළිබඳව ජනතා මතයද කැපී පෙනෙන ලෙස අඩු වී තිබේ. 

රටේ ආර්ථිකය සමස්තයක් වශයෙන් හොඳ අතට හැරෙමින් පවතිනවාද ?, නරක අතර හැරෙමින් පවතිනවාද? මෙමඟින් සොයා බැලේ.

එයට අනුව පසුගිය පෙබරවාරි මාසයේ මෙය 64%ක් දක්වා ඉහළ අගයක තිබූ අතර, එය ජූලි මාසය වනවිට 42%ක් දක්වා 22%කින් පහත වැටී ඇත.

මේ අතර අද වනවිට රටේ පවතින ආර්ථික තත්ත්වයන් විශිෂ්ට, හොඳ හෝ නරක බව සොයාබලන ‘ආර්ථික තත්ත්වය’ කාණ්ඩයද ඉකුත් පෙබරවාරි මාසයට සාපේක්ෂව 19%කින් පහළ ගොස් තිබේ.

පෙබරවාරී මාසයේ දී 57%ක් දක්වා ඉහළ අගයක තිබූ මෙය මාස 5ක් ඇතුළත 38%ක් දක්වා පහත වැටී ඇත.

මේ අතර ‘රට ගැන තෘප්තිය’ එනම් සමස්තයක් වශයෙන් අද වනවිට මෙරට කටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන ඔබ තෘප්තිමත්ද ?, නැතිද ? යන්න පිළිබඳ ජනතා මතය ජූලි මාසයේ 38%ක් දක්වා අඩුවී ඇත.

මෙය ඉකුත් පෙබරවාරි මාසයේදී 59%ක් ලෙස දැක්වුණි. 

‘රට හිතන හැටි’ මත විමසුම, වේරිටේ රිසර්ච් ආයතනයේ  ජනමත සමීක්ෂණයේ කොටසක් වන අතර, එමගින් සාර්ව දේශපාලන විග්‍රහයන්වලට අමතර කරුණු එකතු කරනු ලැබේ.

මෙම නවතම සමීක්ෂණය, දිවයින පුරා විසිරී සිටින වෙන් වෙන් වශයෙන් වූ පවුල් ඒකකවලට අයත් ශ්‍රී ලාංකික වැඩිහිටියන් 2,013 දෙනෙකුගෙන් සමන්විත, සසම්භාවි ක්‍රියාවලියක් හරහා තෝරා ගන්නා ලද බහු-පියවර නියැදියක් ඇසුරින් 2026 ජූලි 11 – 30 කාලය තුළ පවත්වා තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *