Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට එන ජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

6 minutes ago

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් පැමිණෙන මහජනතාවගේ සහ බැතිමතුන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ තොරතුරු කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ,හෙට (18) සිට අගෝස්තු 28 වන දින දක්වා වීථි සංචාරය කිරීමට නියමිත මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් මාර්ග බාධක, විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ, රථවාහන පාලනය, පරික්ෂා කිරීම් මෙන්ම සංචාරකයින්ට මගපෙන්වීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.

ඊට අමතරව හඳුන්වා දී ඇති මෙම නව තොරතුරු කළමනාකරණ පද්ධතිය ඔස්සේ පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ මහජනතාවට පහත සඳහන් තොරතුරු සජීවීව (Live) ලබාගත හැකියි.

රථවාහන නවතා තැබීම සඳහා වෙන්කර ඇති රථගාල් පිළිබඳ තොරතුරු

පෙරහැර ගමන් ගන්නා මාර්ගය

පෙරහැර නැරඹිය හැකි සුදුසු ස්ථාන

සනීපාරක්ෂක පහසුකම් සපයාගත හැකි ස්ථාන

අතරමං වූවන් හමුවිය හැකි ස්ථාන

මෙම තොරතුරු පද්ධතියට පිවිසීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය www.police.lk වෙත පිවිස “මහනුවර ඇසළ පෙරහැර” යන සබැඳිය තේරීමෙන් හෝ විශේෂයෙන් සකස් කර ඇති https://kandyesalaperahera.police.lk වෙබ් අඩවිය ඔස්සේ පරීක්ෂා කළ හැකියි.

ඒ අනුව, ඕනෑම ස්ථානයක සිට ජංගම දුරකථනය, ටැබ් යන්ත්‍ර හෝ පරිගණක ඔස්සේ මෙම සේවාව ලබාගත හැකි අතර, අනවශ්‍ය ගමනාගමනයෙන් වැළකී කාලය ඉතිරි කරගනිමින් ගමන් පහසුව සලසා ගන්නා ලෙසයි පොලිසිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *