Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් නිවාඩුවේ දරුවන් ගැන අවධානයෙන් සිටින්න! රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් විශේෂ අනතුරු ඇඟවීමක්!

4 hours ago

පවතින වියළි කාලගුණික තත්ත්වය සහ පාසල් නිවාඩු සමයත් සමඟ දරුවන් අතර සරුංගල් යැවීම ජනප්‍රිය වී ඇති අතර, නොසැලකිලිමත් ලෙස සරුංගල් යැවීම හේතුවෙන් සිදුවන අනතුරු බහුලව වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා පවසයි. එම නිසා දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස ඔහු දෙමාපියන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටී.

උස් ස්ථානවල සිට සරුංගල් යැවීමට උත්සාහ කිරීමේදී සිදුවන ඇදවැටීම් මෙන්ම, කණ්ඩායම් වශයෙන් සරුංගල් යැවීමේදී සිදුවන ගැටීම් හා වැටීම් හේතුවෙන් බරපතළ තුවාල මෙන්ම ජීවිත අවදානම් පවා ඇතිවිය හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. විශේෂයෙන්ම අධිබලැති විදුලි රැහැන් ආසන්නයේ සරුංගල් යැවීම ඉතා අවදානම් සහිත ක්‍රියාවක් වන අතර, සරුංගල් නූල් විදුලි රැහැන්වල ගැටීමෙන් විදුලි ධාරාව නූල ඔස්සේ සම්ප්‍රේෂණය වී ක්ෂණික ජීවිත හානි පවා සිදුවිය හැකිය.

එවැනි විදුලි සැර වැදීම් හේතුවෙන් අත්, බාහු සහ පපු ප්‍රදේශයේ ශරීර පටක, රුධිර වාහිනී සහ ස්නායුවලට දැඩි හානි සිදුවිය හැකි අතර, ඇතැම් අවස්ථාවල හානි වූ ශරීරාංග ශල්‍යකර්ම මඟින් ඉවත් කිරීමට පවා සිදුවන බව ද හෙතෙම අවධාරණය කරයි. දරුවන්ගේ විනෝදාස්වාදය මෙන්ම ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව ද එකසේ වැදගත් බැවින්, විදුලි රැහැන් පවතින ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් දරුවන් වළක්වා ගැනීමට දෙමාපියන් සහ වැඩිහිටියන් වගකීමෙන් කටයුතු කළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් දැනුම් දෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *