තණමල්විල, නිකවැව දෙමෝදර වැව ආශ්‍රිත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා හේනක් වටලා, එහි සැකකරුට එරෙහිව නීත්‍යානුකූලව ක්‍රියාමාර්ග නොගෙන සිටීම සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියකට අදාළව මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බුත්තල පදිංචි 37 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක්, දෙහිඅත්තකණ්ඩිය පදිංචි 45 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක්, බිබිල පදිංචි 39 හැවිරිදි පොලිස් කොස්තාපල් රියදුරුවරයෙක් සහ බිබිල ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.
ලැබුණු පෞද්ගලික තොරතුරකට අනුව පසුගිය 11 වනදා තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් විසින් අදාළ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගංජා හේනක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුරුව සිදුකළ සෝදිසි කිරීම්වලදී ඔහුට අයත් තවත් ගංජා හේන් තුනක් සොයාගැනීමට පොලීසිය සමත් විය. එහිදී කපා ගිනි තබා තිබූ තවත් ගංජා හේනක් පිළිබඳව සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී, පසුගිය 10 වනදා මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් 6 දෙනෙකු පැමිණ රුපියල් ලක්ෂ පහක අල්ලස් මුදලක් ලබාගෙන, එක් හේනක් පමණක් ගිනිතබා ඉතිරි ගංජා තොගය රැගෙන ගිය බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිකවැව ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකුද ගංජා සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ පොලිස් නිලධාරීන් පිරිස විසින් මෙම ගංජා තොගය වියළා දෙන ලෙස තමන්ට භාරදුන් බව ඔහු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත. අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ලබාගත් රැඳවුම් නියෝග මත සිදුකළ වැඩිදුර විමර්ශනවලින් හෙළිවූ තොරතුරු මත තණමල්විල පොලීසිය විසින් අදාළ සැකකාර පොලිස් නිලධාරීන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි
iPhone 18 මාදිලිය එළිදැක්වීම කල් යයි
දින 11ක් පුරා බාර් වසා තැබෙන ප්‍රදේශ පිළිබඳව දැනුම්දීමක්
පාසල් නිවාඩුවේ දරුවන් ගැන අවධානයෙන් සිටින්න! රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් විශේෂ අනතුරු ඇඟවීමක්!
මෙය මගේ අවසාන තරග වාරය විය හැකියි! ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු පිටියෙන් සමුගැනීමේ ඉඟි පළ කරයි!
අද වැසි වැටෙන ප්‍රදේශ
මහල් නිවාසයකින් ඇදවැටී 12 හැවිරිදි දරුවෙකු මරුට
ඉන්දුනීසියාවට තවත් භූම්පනයක්
අධ්‍යාපන අමාත්‍යංශයෙන් අනතුරු ඇඟවීමක්
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය මාස 5ක් තුළදී සැලකිය යුතු ලෙස පහළට! නවතම සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වෙයි!
ජනතා මුදල් ගසාකන නවතම ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙයි
අනතුරට ලක්වූ මගී බෝට්ටුවේ සිටි සියලුදෙනා නාවික හමුදාවෙන් බේරා ගනියි