Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශානිගේ සහ රවීගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

1 day ago

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන මහත්වරු සම්බන්ධයෙන් විමර්ශන ඇරඹීම තුළින් එවක පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තුන්දෙනෙකු පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් සිදුකළ පැමිණිල්ලක් මත විමර්ශන සිදු කර තිබුණි.

ඒ අනුව එම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් රුපියල් 50,000ක් බැගින් සහ අදාළ විමර්ශනය සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා විසින් රුපියල් 10,000 බැගින් පෙත්සම්කාර ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්නට වන්දි ගෙවිය යුතු බව තීන්දුවේ සඳහන්.

වග උත්තරකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිල්ල දේශපාලනික අරමුණකින් යුතුව සිදු කළ ද්වේෂ සහගත පැමිණිල්ලක් බවත් ඒ මත විමර්ශන ඇරඹීම තුළින් වග උත්තරකරුවන් පෙත්සම්කාර ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්නගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් තීන්දුවේ සඳහන් විය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඉකුත් ජනාධිපතිවරණය සමයේ ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න යන මහත්වරු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *