Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මාලිමාව රට වටේම රැලි තියන්නේ ඇයි?

1 day ago

ජාතික ජන බලවේගයට ආණ්ඩු බලය ලැබී තිබුණද, රාජ්‍ය බලය තවමත් සම්පූර්ණයෙන් තහවුරු කරගෙන නොමැති බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරයි.

ජාතික ජන බලවේගයේ මහජන රැලියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

පාර්ලිමේන්තුවේ ආසන 159ක විශාල බහුතරයක් ලබාගනිමින් ආණ්ඩුවක් පිහිටුවා තිබියදීත් තවදුරටත් මහජන රැලි පවත්වන්නේ මන්දැයි ඇතැමුන් ප්‍රශ්න කරන බවත්, ප්‍රජාතන්ත්‍රවාදීව බලය ලබාගෙන රට දියුණු කිරීමට කටයුතු කරන බව ලෝකයට දැනුම්දීමට මෙම රැලි අත්‍යවශ්‍ය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඡන්දයෙන් ලැබෙන්නේ ආණ්ඩු බලය පමණක් බවත්, රාජ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක වන පරිපාලනමය ‘රාජ්‍ය බලය’ තහවුරු කරගැනීමට කාලයක් ගතවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ජාතික ජන බලවේගය ප්‍රජාතන්ත්‍රවාදීව බලය ලබාගෙන ශ්‍රී ලංකාව දියුණු කිරීමට කටයුතු කරන බව ලෝකයට දැනුම්දීම අත්‍යවශ්‍ය බැවින් තම පක්ෂය තවදුරටත් රැලි පවත්වන බවයි.

“අපි ඇයි එහෙම කරන්නේ? අපිට ලැබිලා තියෙන්නේ මොන වගේ බලයක්ද? අපිට ලැබිලා තියෙන්නේ ආණ්ඩු බලය විතරයි. රාජ්‍ය බලය කියලා තවත් කොටසක් තියෙනවා. මේ බලය ඡන්දයෙන් ලැබෙන දෙයක් නෙවෙයි. රාජ්‍ය බලය කියන්නේ රාජ්‍ය පද්ධතිය හරහා ඉදිරියට යන දෙයක්. උදාහරණයකට, රජයේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය බලය හරහා. රාජ්‍ය බලය කියන්නේ දවසකින් ලබාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. රාජ්‍ය බලය තහවුරු කරගන්න කාලයක් යනවා. මේක පරිපාලන යුගයයි”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *