බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් රචනා කරන ලද “9.05 විකෘතිය: ලෝකය කැළඹූ මතවාදයක ලාංකික සෙවණැලි” නමැති ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය කොළඹ තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අදාළ කෘතිය ජනගත කිරීමේ විශේෂ උත්සව සභාව එළඹෙන අද පස්වරු 2.30 ට මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ආරම්භවීමට නියමිතව තිබුණි.
උන්වහන්සේ දිගු කලක් තිස්සේ විවේචනයට හා විරෝධයට ලක් කළ ආගමික අන්තවාදී මතවාදයන්හි පසුබිම මෙන්ම, එමඟින් ලාංකේය සමාජ දේහයට එල්ල වී ඇති බලපෑම් සහ එහි සැඟවුණු පැතිකඩ පිළිබඳව ගැඹුරු විග්‍රහයක් මෙම කෘතියට ඇතුළත්ව ඇති බව සංවිධායක මණ්ඩලය පවසයි.
අධිකරණයට අපහාස කලේ යයි සිර දඩුවම් නියමව සිටියදී ජනාධිපති සමාවෙන් නිදහස් වූ නමුත් ඒම සමාව අධිකරණය විසින් අහෝසි කිරීමෙන් පසු ඥානසාර හිමියන් යලි බන්ධනාගාරගත කිරීමට නියමිතය.
මෙම කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට මහා සංඝරත්නය, විද්වතුන්, දේශපාලන හා සමාජ ක්‍රියාකාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක් එක්වීමට නියමිතව ඇත.


සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං පහසුකම්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ක්‍රිකට් රන් පදක්කම අභියසට
ක්‍රිකට් අතුරු කමිටුවේ තීරණයට එරෙහිව මිලියන 75ක වන්දි ඉල්ලා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වාණිජ මහාධිකරණය හමුවට
අද ලොකු වැස්සක්
පොලිස් සේවයට සමුදෙන අජිත් රෝහණට පොලිස්පතිගෙන් සුබපැතුම්
පොලීසියට අල්ලස් දෙන්න ගිය 5ක් කොටුවෙයි
මහවැලි ගඟ අවට පහත් බිම් ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
සරසවි සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද රාත්‍රියේ
මාඔයේ ගිලී අතුරුදන් වූ සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ මළසිරුරු හමුවෙයි
රුමේෂ් තරංග ක්‍රීඩාවට සමුදෙන දිනය
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් හරහා නිල් වරෙන්තු