හෝමාගම පොලිසියේ අත්අඩංගුවේ සිටියදී ඉෂාර හර්ෂ කුමාර (25) නමැති තරුණයා මියයාමේ සිද්ධියට අදාළව, මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා පොලිස්පතිවරයාට කළ දැනුම්දීමට අනුව හෝමාගම මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂකවරයාගේ (HQI) වැඩ තහනම් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර හෝමාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා, දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති (උප පොලිස් පරීක්ෂක) සහ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කෙරුණු අතර, වැඩතහනම් ලැබූ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා ඊයේ (28) අත්අඩංගුවට ගැනිණි.
මත්ද්රව්ය මිලිග්රෑම් 490ක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට පසුගිය 25 වැනිදා අත්අඩංගුවට ගත් තරුණයාගේ මරණය පොලිස් පහරදීම් හේතුවෙන් සිදුවූවක් බවට ඥාතීන් චෝදනා කරයි. පශ්චාත් ම#ණ පරීක්ෂණයෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යවා ඇති අතර දේහය හෝමාගම මූණමලේවත්ත පිහිටි නිවස වෙත රැගෙනවිත් ඇත.
ශ්රී ලංකා නීතිඥ සංගමය (BASL) මෙම මාලිමාව ණය සහ ඊට අදාළ පොලිස් ප්රකාශ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර තිබූ අතර, පොලිස් මාධ්ය ප්රකාශක ASP එෆ්.යූ. වුට්ලර් මහතා අවධාරණය කළේ නීතිඥ සංගමයේ නිවේදනයේ සඳහන් පරිදි තමන් කිසිදු අවස්ථාවක එවැනි ප්රකාශයක් සිදුකර නොමැති බවත් එම ප්රකාශය තරයේ ප්රතික්ෂේප කරන බවත්ය.

‘අස්වැසුම’ ප්රතිලාභී ලැයිස්තුවෙන් පවුල් ලක්ෂ 14ක් කපයි
රජයේ නව පනත් කෙටුම්පතට Human Rights Watch විරෝධය
අද කාලගුණ නිවේදනය
හෝමාගම පොලිස් සිර මැදිරියේදී මියගිය තරුණයාගේ අවසන් කටයුතු අද! බිරිඳ ඇතුළු පස් දෙනෙකුට අධිකරණ නියෝගයක්!
ක්රිකට් ක්රිඩකයන්ට රතු එළි! වසරටම පිටරට ලීග් දෙකයි!
අසමසම කුසලතාවලින් ලෝකය ජයගත් වෛද්ය උදාර කුලරත්න මහතා මතකයන් පමණක් ඉතිරි කර දිවියෙන් සමුගනී
කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ට සතුටු දවසක්
පොලිසියට රැගෙන ආ සැකකරුවෙක් රෝහල්ගත කිරීමෙන් පසු මියගිහින්! ප්රදේශවාසීන් 5 දෙනෙක් අත්අඩංගුවට!
පවන් රත්නායක එක්දින පිතිකරුවන් අතර දැවැන්ත පිම්මක් පනී
සුගීෂ්වර යළිත් රිමාන්ඩ්
පාස්පෝට් ගන්න ප්රාදේශීය කාර්යාල වෙත පැමිණෙන අයට දැනුම්දීමක්
විහාරමහා දේවී උද්යානයේ සත්යග්රහයට එරෙහිව අධිකරණය දුන් තීන්දුවට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්