Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත රිමාන්ඩ්

28 minutes ago

මෝටර් රථයක් මිලදී ගැනීමට සහ එහි කල්බදු ගෙවීමට මුදල් ලැබුණු ආකාරය තහවුරු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් අත්අඩංගුවට ගත් කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ හිටපු ස්ථානාධිපතිනිය, ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය අද (03) පස්වරුවේ මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන සිකුරාදා (06) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඇය සතුව තිබූ නවීන මෝටර් රථය පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් පරික්ෂා කිරීම සඳහා භාරයට ගෙන තිබුණි.

මාතර සමුපකාර සමිතියෙන් රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු විසින් අදාළ මෝටර් රථයේ ලීසිං වාරික ගෙවා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබීම හේතුවෙන් මෙම දැඩි නීතිමය පියවර ගෙන ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *