දුෂ්කර අවස්ථාවෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවට ඉන්දීය රජය සමීපතම මිතුරකු ලෙස උපරිම සහය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (23) දැනුම් දී තිබෙනවා.
ඔහු මෙසේ පවසා තිබෙන්නේ ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතුළු දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.
මෙම දූත පිරිස පැමිණ සිටින්නේ ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර දීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමටය.