Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සමීප මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහය දෙන බවට ඉන්දීය විදේශ ලේකම්ගෙන් පොරොන්දුවක්

4 years ago

දුෂ්කර අවස්ථාවෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවට ඉන්දීය රජය සමීපතම මිතුරකු ලෙස උපරිම සහය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (23) දැනුම් දී තිබෙනවා.

ඔහු මෙසේ පවසා තිබෙන්නේ ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතුළු දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.

මෙම දූත පිරිස පැමිණ සිටින්නේ ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර දීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමටය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *