Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ළමා මන්දපෝෂණය මඩින්න GMOA පස්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කරයි

3 years ago 626

පවතින තත්ත්වයට නිවැරදි හා කඩිනම් විසදුම් ලබා නොදුනහොත් දැනටමත් යම් මට්ටමකින් පවතින පෝෂණ ගැටලු මන්දපෝෂිත අනාගත පරපුක් බිහි කිරීම දක්වා උඩුදුවා යා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙන පරිදි ළමා මන්ද පෝෂණය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 7 වන ස්ථානයේ පසුවන අතර දකුණු ආසියා කලාපයේ දෙවන තැන පසු වන බව ය.

සමස්තයක් වශයෙන් මිලියන 1.7කට වැඩි ළමා ජනගහණයක් පෝෂණ ගැටලු හරහා මන්ද පෝෂණ තත්ත්වයක් කරා ගමන් කිරීමේ අවදානමට ලක්ව ඇති බව ඉතා බැරූරුම් ලෙස සැලකිල්ලට ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර ඇත.

පවතින තත්ත්වය යම් මට්ටමකින් හෝ කළමණාකරණය කර ගනිමින් පෝෂණ ගැටලුවල බලපෑම් අවම කර ගැනිමත්, අනාගත පරපුර මන්දපෝෂණයේ ගොදුරු බවට පත් නොවීමත් සහතික කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පහතින් දක්වා ඇති පස්වැදෑරුම් යෝජනා ඉදිරිපත් කර තිබේ.

1. පවතින තත්ත්වය පිළිබඳව විද්‍යාත්මක පදනමකින් යුත් පසු විපරමක් සිදුකර දිවයින පුරා ළදරු ළමා පෝෂණ තත්වයන් හා ඒ හරහා මන්දපෝෂණයට ඇති සැබෑ අවදානම තක්සේරු කළ යුතු ය.

2. ආහාර පිළිබඳව ඇති මිත්‍යා මත ගැන සැබෑ අවබෝධයක් ලබා දීම ත් විකල්ප ආහාර වර්ග හරහා ගුණාත්මක ආහාර වේලක් සහතික කර ගන්නා ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ත් කළ යුතුය. පෝෂදායී ආහාර වේලක් පිළිබඳ මූලික සංකල්ප ජනතාව වෙත ලබා දිය යුතු ය.

3. ගෙවතු වගාව හා සත්ව පාලනය (ධීවර කර්මාන්තය ද ඇතුළත්ව) පිළිබඳව දැනටමත් ක්‍රියාත්මක දිරි ගැන්වීමේ වැඩ පිළිවෙල කඩිනම් ජාතික වැඩ සටහනක් දක්වා පුළුල් කොට ප්‍රකාශයට පත් කළ යුතු ය.

4. ගුණාත්මක ප්‍රෝටීන් ප්‍රභවයක් සහිත (උදා:- මස් / මාලු/ කිරි/ බිත්තර/ කරවල) ආහාර වේලක් පිළිබඳව ජනතාව දැනුවත් කර අඩු ආදායම් පවුල් සඳහා විශේෂයෙන් ඉලක්ක කර ගත් ඒ සඳහා වන සහන වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. ඉදිරි අතුරු අය වැය හරහා මේ සදහා මුදල් වෙන් කළ යුතු ය.

5. ගර්භණී මව්වරුන් හා ගැහැණු දරුවන් විශේෂයෙන් ඉලක්ක කර ගත් පෝෂණය ඉහළ නැංවීමේ වැඩ සටහනක් මගින් මන්දපෝෂණයේ විෂම චක්‍රය බිඳ දැමීමට මැදිහත් විය යුතු ය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *