ආන්දෝලනයට ලක්ව ඇති චීන නෞකාව සම්බන්ධයෙන් පවතින නීතිමය තත්වය ගැන කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පුවත්පතකට කරුණු පැහැදිලි කොට තිබෙනවා.
ඔහු සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ අනුමැතියකින් තොරව චීනය සිය නෞකාව හම්බන්තොට වරායට ඇතුළු කිරීමට පියවර ගතහොත් එමඟින් පැහැදිලිවම අන්තර්ජාතික සාගර නීතිය උල්ලංඝනය වන බවයි.
මේ ඔහු සඳහන් කළ අදහස්.
“අන්තර්ජාතික සාගර නීතියේ තියෙනවා ‘සාගර නීතිය පිළිබඳ සම්මුතියක්'(law of the sea convention). එම සම්මුතියට අනුව ඕනෑම විදේශීය ගුවන් හෝ සාගර යාත්‍රාවක් රටකට ඇතුළුවීමේදී එම රටේ අනුමැතිය ලබාගත යුතු වෙනවා. එසේ නොමැතිව එම රටේ සාගර කලාපයට ඇතුළු වුවහොත් එය මෙම අන්තර්ජාතික සම්මුතිය, එනම් අනතර්ජාතික සාගර නීතිය උල්ලංඝනය කිරීමක් බවට පත්වෙනවා. අපිට මේ තත්ත්වය සාමකාමීව විසඳාගැනීමට අවශ්‍ය නම් ප්‍රථමයෙන්ම පුළුවන් මේ ගැටලුව පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශයට දැනුම් දෙන්න. නෞකාව වරායට ඇතුළු වුවහොත් එය රටේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් නිසා අපිට අවශ්‍ය නම් නෞකාවට පහර දෙන්න පුළුවන්. නමුත් චීනය සමග පවතින සම්බන්ධතා මත එවැන්නක් සිදුකරයි කියල හිතන්න බැහැ. කොහොම වුණත් එවැනි බලහත්කාරී ක්‍රියාවක් හමුවේ අපට එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කරන්න පුළුවන්.”

දිනකට පරිභෝජනය කළ යුතු ලුණු ප්‍රමාණය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
ගම්පොළම කම්පා කළ ඛේදවාචකයක්! 16 හැවිරිදි පෙම්වතිය එලොව යැවූ පෙම්වතාගේ සිරුර තේ වත්තකින් හමු වෙයි!
සිලි සිලි බෑග් වෙනුවට පරිසර හිතකාමී කඩදාසි බෑග්
ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන 5ක වන්දි ඉල්ලයි
අම්බලන්ගොඩ දේවාල සභාපති ඝාතනයේ සැකකරුවන් අල්ලයි
ජනාධිපති වැය ශීර්ෂයේ මුදලින් නාමල්ගේ උපන්දිනය සැමරූ හැටි පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
2022, 2023, 2024 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සුබ ආරංචියක්! රජයෙන් පොලී රහිත ණයක්!
ඖෂධ වර්ග 350ක මිල අඩු කෙරේ
දුන් පොරොන්දු ඉටු කරමින් ජනපති රටට ඉතිරි කළ මුදල හෙළි වෙයි
ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් දැනුම්දීමක්
ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාග දෙකක්
නාමල් රාජපක්ෂ හා සුමන්තිරන් අතර හමුවක්