ආන්දෝලනයට ලක්ව ඇති චීන නෞකාව සම්බන්ධයෙන් පවතින නීතිමය තත්වය ගැන කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පුවත්පතකට කරුණු පැහැදිලි කොට තිබෙනවා.
ඔහු සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ අනුමැතියකින් තොරව චීනය සිය නෞකාව හම්බන්තොට වරායට ඇතුළු කිරීමට පියවර ගතහොත් එමඟින් පැහැදිලිවම අන්තර්ජාතික සාගර නීතිය උල්ලංඝනය වන බවයි.
මේ ඔහු සඳහන් කළ අදහස්.
“අන්තර්ජාතික සාගර නීතියේ තියෙනවා ‘සාගර නීතිය පිළිබඳ සම්මුතියක්'(law of the sea convention). එම සම්මුතියට අනුව ඕනෑම විදේශීය ගුවන් හෝ සාගර යාත්‍රාවක් රටකට ඇතුළුවීමේදී එම රටේ අනුමැතිය ලබාගත යුතු වෙනවා. එසේ නොමැතිව එම රටේ සාගර කලාපයට ඇතුළු වුවහොත් එය මෙම අන්තර්ජාතික සම්මුතිය, එනම් අනතර්ජාතික සාගර නීතිය උල්ලංඝනය කිරීමක් බවට පත්වෙනවා. අපිට මේ තත්ත්වය සාමකාමීව විසඳාගැනීමට අවශ්‍ය නම් ප්‍රථමයෙන්ම පුළුවන් මේ ගැටලුව පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශයට දැනුම් දෙන්න. නෞකාව වරායට ඇතුළු වුවහොත් එය රටේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් නිසා අපිට අවශ්‍ය නම් නෞකාවට පහර දෙන්න පුළුවන්. නමුත් චීනය සමග පවතින සම්බන්ධතා මත එවැන්නක් සිදුකරයි කියල හිතන්න බැහැ. කොහොම වුණත් එවැනි බලහත්කාරී ක්‍රියාවක් හමුවේ අපට එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කරන්න පුළුවන්.”

අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති
රටම බලා සිටින තීරණාත්මක නඩු තීන්දුවක් හෙට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකිනෙක ගැටෙයි! 10කට වැඩි පිරිසක් රෝහලට!
හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි
දිවයිනේ වැඩිම වැස්ස නාවලපිටියෙන්
වහලය මත සවිකරන සූර්යය පැනල සඳහා වන සීමා ඉවත්කිරීමට සැලසුම්
සැප්තැම්බර් අග සිදුවන ඉන්ධන මිල සංශෝධනය ගැන ඇමතිගෙන් ඉඟියක්
මොකක්ද මේ ඕස්ට්‍රේලියානුවන් හොයාගෙන එන ලාංකිකයෙකුට පේටන්ට් අයිතිය හිමි විශිෂ්ට පොහොර තාක්ෂණය ?
සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං පහසුකම්