දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 18 දෙනෙකු පත් කර තිබෙනවා.
ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින්.
පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම පත්වීම් ප්‍රදානය කෙරුණු අවස්ථාවට
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මෙන්ම පොදුජන පෙරමුණේ ප්‍රධාන
ලේකම් සාගර කාරියවසම් ද එක්වුණා.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ, ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විදාන, කළුතර දිස්ත්‍රික්කය සඳහා සංජීව එදිරිමාන්න, ගාල්ල දිස්ත්‍රික්කය සඳහා සම්පත් අතුකෝරල පත්කර තිබෙනවා.
මාතර දිස්ත්‍රික්කය සඳහා නිපුණ රණවක මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා චමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් පත් කෙරුණා.
සමන්ප්‍රිය හේරත් මන්ත්‍රීවරයා කුරුණෑගල දිස්ත්‍රික්කයට පත් කෙරුණු අතර, පුත්තලම
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්නයි.
එච්. නන්දසේන මන්ත්‍රීවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයටත්, ගුණතිලක රාජපක්ෂ
මන්ත්‍රිවරයා මහනුවර දිස්ත්‍රික්කයටත් පත් කෙරුණා.
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස නාලක බණ්ඩාර කෝට්ටේගොඩ පත් කර ඇති අතර, නුවරඑළියට පත් කෙරුණේ එස්.බී. දිසානායකයි.
සුදර්ශන දෙණිපිටිය බදුල්ල දිස්ත්‍රික්කය සඳහාත් කුමාරසිරි රත්නායක මොණරාගල
දිස්ත්‍රික්කය සඳහාත් පත් කෙරුණා.
රත්නපුර දිස්ත්‍රික්කය සඳහා සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස අකිල එල්ලාවල පත් කෙරුණු අතර, කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා රාජිකා වික්‍රමසිංහ, දිගාමඩුල්ල
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස ඩී. වීරසිංහ මෙන්ම ත්‍රිකුණාමලය
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයට කපිල අතුකෝරාල පත් කෙරුණා.
මෙවර දිස්ත්‍රික් කමිටු සභාපති ධුරයන් පිරිනැමීමේදී මේ වනවිිට ඩලස් අලහප්පෙරුම
පාර්ශවය නියෝජනය කරන, මීට පෙර දිස්ත්‍රික් සභාපති ධුර දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන්දෙනෙකු එම ධුරවලින් නෙරපා තිබෙනවා.
ඒ අනුව මීට පෙර හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති එම ධුරයෙන් නෙරපා හැර තිබෙනවා.
එමෙන්ම මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර සහ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ
කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය ගුණපාල රත්නසේකර ද නව පත්වීම් ලැයිස්තුවට ඇතුළත් කර නැහැ.