මහියංගනය පොලිස් වසමේ 17 කණුව ප්‍රදේශයේදී වියානා ඇළෙහි ඇල කණ්ඩිය මතින් ලිස්සා වතුරට වැටුණු පෙම්වතාව බේරා ගැනීමේදි දියේ ගිලී අතුරුදන් වූ පෙම්වතියගේ සිරුර හමුව තිබේ.
මෙලෙස මියගෙස් ඇත්තේ රජරට විශ්වවිද්‍යාලයේ 26 හැවිරිදි සිසුවියක් වන අතර හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරිියකි.
ඊයේ (20) සවස මෙම අනතුර සිදුව ඇති අතර ඇළෙහි ජල පහර සැර වැඩි වීම හේතුවෙන් ඔවුන් දෙපළ ඇළ කණ්ඩිය මතින් ඇවිද සිටියදී සිය සෙවළ සහිත ස්ථානයකින් තරුණයා ලිස්සා දියට වැටී තිබේ.
එම අවස්ථාවේදී පෙම්වතිය ඔහුව බේරා ගැනීමට අත දී ඇති අතර පසුව දෙදෙනාම ඇළට වැටී ඇත.
පසුව එම ස්ථානයෙන් ගිය මහියංගණය පොලිස් පුහුණු පාසලේ නිලධාරියෙක් සහ ඔහුගේ බිරිඳ වහාම ඇළට පැන තරුණයාව බේරාගෙන ඇති අතර තරුණිය සොයා ගැනීමට ඔවුන්ට හැකිවී නොමැත.
කෙසේ නමුත් ඇය සොයා පොලීසිය සහ ප්‍රදේශවාසීන් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබු අතර ඇගේ සිරුර අද (20) උදෑසන සොයාගෙන තිබේ.

රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල්
සුරේෂ් සලේට හෘදයාබාධයක්
සුරාසැල් වසා තැබෙන දින ගැන දැනුම්දීමක්
පල්ලේගම හිමිගේ පළමු DNA පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි
ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට
විදුලි බිල අඩු කරන පෙරනිමිති! තවත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 07ක් කොළඹ වරායට!
දියතලාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 42කට තුවාල!
මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝගය
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි