Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සජිත් ප්‍රේමදාසට සජබ නායකත්වය අහිමි වේවිද? පක්ෂයෙන් පැහැදිලි කිරීමක්

11 months ago

සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනුවට වෙනත් අයෙකු ආදේශ කිරීමට සැලසුම් ඇති බවට පැතිර යන තොරතුරු සමගි ජන බලවේගය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ හොරණ ආසනයේ සංවිධායක චරිත් අබේසිංහ මේ බව පැවසීය.

ප්‍රධාන විපක්ෂයේ භූමිකාව තීරණාත්මක වී ඇති අවස්ථාවක එවැනි වැරදි තොරතුරු පැතිරවීමේ අරමුණ අර්බුදයක් ඇති කිරීම බව ඔහු සඳහන් කළේය.

සමගි ජන බලවේගය තුළ සිටින කණ්ඩායමක් පක්ෂය තුළ ගැටලු ඇති කිරීමට කුමන්ත්‍රණය කරන බවට එල්ල වන චෝදනා ද ඔහු ප්‍රතික්ෂේප කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *