රජය හඳුන්වාදීමට බලාපොරොත්තු වන නව විෂය නිර්දේශ රාමුව තුළ ඉතිහාසය සාමාන්‍යපෙළ සඳහා අනිවාර්ය විෂයක් නොකර ආගම සහ සාරධර්ම අධ්‍යනය, අනිවාර්ය විෂයක් ලෙස නම් කර අත්‍යවශ්‍ය විෂයක් විය යුතු බවට අමාත්‍යාංශයේ ආගමික උපදෙස් මණ්ඩලවලින් උපදෙස් ලැබුණු බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
නව විෂය නිර්දේශ රාමුව තුළ ඉතිහාසය සාමාන්‍යපෙළ සඳහා අනිවාර්ය විෂයක් නොකර ආගම සහ සාරධර්ම අධ්‍යනය අනිවාර්ය විෂයක් ලෙස නම් කිරීමට හේතුවක් තිබේදැයි අද පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී අග්‍රාමාත්‍යවරිය පිළිතුරු ලබාදෙමින් මේ බව ප්‍රකාශ කළා.
සිසුවෙකු විසින් තමන් ඉගෙනුම ලබන ආගම විෂය පථය හැර අනෙකුත් ආගම පිළිබඳවත් හැදෑරීම අත්‍යවශ්‍ය වීම හේතුවෙන් ආගම හ සාරධර්ම අධ්‍යනය, අනිවාර්ය විෂයක් ලෙස නම් කිරීමට තීරණය කළ බව ඇය පෙන්වාදුන්නා.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය :
” විශාල සංවාදයක් මේකට අපි ගත්තා. විශේෂයෙන්ම අපට අවශ්‍ය වුණේ අපේ අමාත්‍යාංශයේත් ඉන්නවා අපට ආගමික උපදෙස් මණ්ඩල. ඒ අයගේත් අදහස් ගත්තාම ඒගොල්ලන්ගේ අදහසත් වුණේ විශේෂයෙන්ම හය වසරේ සිට නවය වසර දක්වා කාලය තුළ තමන්ගේ ආගමත් වෙනත් ආගම් ගැනත් ඉගෙනගන්න අවස්ථාව දෙන එක වැදගත් කියන එක. ඒ අදහස් අරගෙන තමයි ඒ තීරණය ගත්තේ.
අපට ඕනෑ වුණේ ඉතිහාසය සහ සෞන්දර්ය කියන එක අයින් කරලා නැහැ. මෙතැන හරියට පැහැදිලි කරගන්න ඕනේ, මේ සඳහාම තමයි සංවාදය වැදගත් වෙන්නේ. තවම අපි විෂයක වැදගත්කම පුරුදු වෙලා තියෙන්නේ මනින්න, විභාගයක් තියෙනවාද නැද්ද කියන එක මත. මොඩියුල් ක්‍රමය තුළින් ඒක වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. විභාගයක් අසමත් වීම හෝ නොවීම මත නෙවෙයි හොඳට ඉගෙනගත්තාද කියල තීන්දු වෙන්නේ. මේක වැදගත් වෙනසක්. දරුවෙකුගේ අධ්‍යාපනයේ බර බෑග් එක වගේම විභාග ක්‍රමය තුළත් ආවා. විභාග ක්‍රමය තමයි මූලික වශයෙන්ම බරට හේතුව වුණේ. දැන් ඒක වෙනස් වෙනවා.”

ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල්ගේ නඩුවක් කල්යයි
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට