රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඝාතනය කිරීමේ උත්සාහයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් අදාළ සිදුවීම පිළිබඳව වාර්තා කර ඇති නාලිකා සඳහන් කර ඇත්තේ අදාළ සිදුවීම පසුගිය සතියේදී සිදුව ඇති බවය.
එහෙත් එම අවස්ථාවේදී ආරක්ෂක අංශ විසින් කළ උපායමාර්ගික සැලැස්මකින් ජනාධිපතිවරයාට හානියක් සිදුනොවී බේරාගැනීමට හැකිව ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.
මෙය සිදුවූ ස්ථානය හෝ වේලාව පිළිබඳව නිශ්චිත අනාවරණයක් මේ වනතෙක් සිදුව නොමැත.
මේ අතර අදාළ සිදුවීමට අදාළව ආරක්ෂක අංශ විසින් මේ වනවිට පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
කෙසේ වෙතත් රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමත් සමඟ විවිධ අවස්ථාවලදී පුටින්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ආරක්ෂාව පිලිබඳව විවිධ ප්‍රචාරයන් පැතිර යමින් තිබීම ද විශේෂත්වයකි.
එසේ වුවද 2017 වසරේ දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශයක සටහන්ව ඇත්තේ තමන් ඝාතන උත්සාහයන් 05කින් දිවි බේරාගැනීමට සමත්වූ බවය.

විමල්ගේ සහෝදරයා අධිකරණයට
අද සිට වැසි තත්ත්වයේ වෙනසක්
ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතරට පත් වූ ශ්‍රී ලංකාව
“මත්පැන් නිෂ්පාදනය නතර කරනවා” – මත්පැන් නිෂ්පාදකයින් රතු එළි දල්වයි
කාඩ් එකෙන් ගෙවද්දී වැඩිපුර කපන සල්ලි ආපහු ගන්න ක්‍රමය මහ බැංකු අධිපති කියයි
වෙබ් සංස්කාරකවරුන්ගේ සිට වේශ නිරූපණ ශිල්පීන් දක්වා පොලිසියේ රැකියා අවස්ථා! නවතම රැකියා අවස්ථා මෙන්න!
දෙහිවල නිසල සෙවණේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තියා ඇත්තේ ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවකට?
සියලුම බස් රථ වලට පැනවූ අලුත්ම නීතිය
ජනපති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අතර හමුවක්
මගේ පුතාට තියෙන චෝදනාවලට කිසිම සාක්ෂියක් නැහැ – ශාන්ත බණ්ඩාර
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර