Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දෙවරක් සඳට ගිය පළමු මිනිසා දිවි ගමනට සමුදෙයි

12 months ago

ලොව විශිෂ්ටතම අභ්‍යවකාශ ගගනගාමියෙකු වශයෙන් සලකන අමෙරිකානු ජාතික ජිම් ලොවෙල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

නාසා ආයතනය තහවුරු කළේ ජිම් ලොවෙල් ඔහුගේ නිවසේදී මිය ගොස් ඇති බවයි.

1928 වසරේ දී උපත ලැබූ ඔහු මිය යනවිට 97වන වියේ පසු වුණා.

1968 සිදුකළ ඇපලෝ 8 මෙහෙයුම යටතේ සඳට පියාසර කර කක්ෂගත වූ පළමු ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයෙකු වූ ලොවෙල්, 1970දී ක්‍රියාත්මක වූ ඇපලෝ 13 චන්ද්‍ර මෙහෙයුමේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඒ අනුව දෙවරක් සඳට ගිය පළමු මිනිසා ලෙස ඔහු ඉතිහාසගත වෙනවා.

කෙසේ වෙතත් ඒ කිසිඳු අවස්ථාවක ඔහු සඳ මතට ගොඩබැස නොමැත.

එමෙන්ම ලොවෙල් යනු සිව් වරක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමියා ද වෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *