රජයේ රෝහල් සියල්ලේම හෙට (25) උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
දුෂ්කර පළාත්වල රෝහල් වැසී යාමේ අවදානමත්, රෝගීන්ට හිඟ ඖෂධ මිලදී ගැනීම සඳහා රජයෙන් එල්ල කර ඇති සෘජු බලපෑමත්, ප්‍රමිතියෙන් යුතු ඖෂධ සහ උපකරණ රෝහල්වලට ලබා නොදීම හරහා නිදහස් සෞඛ්‍ය බිඳ වැටීමේ අවදානමත් සැලකිල්ලට ගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බව සඳහන් වේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය තුළ අවිධිමත්, අකාර්යක්ෂම, විනිවිධ භාවයකින් තොර ක්‍රියාවලින් හරහා වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය ද, වෛද්‍යවරුන් දුෂ්කර පළාත්වලට අනුයුක්ත කිරීමේ ක්‍රියාවලිය ද මේ වන විට සම්පූර්ණයෙන් පාහේ බිඳ වැටී ඇති බවය.
මේ නිසා රට පුරා රෝහල් 200කට ආසන්න ප්‍රමාණයක් වැසීයාමේ අවදානමකට මුහුණ පා තිබෙන අතර අනිත් රෝහල්වලත් වෛද්‍යවරුන් හිඟ වීම හරහා යම් ඒකකවල කටයුතු අඩාල වීමේ අවදාමනක් මතුව ව ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ

ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට
හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්