ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරමින් පළමු එක්දින ක්‍රිකට් තරගය හරාරේ හිදී මේ වන විට පැවැත්වෙයි.
එහිදී කාසියේ වාසිය ලබා ගත් සිම්බාබ්වේ ක්‍රිකට් නායක සෝන් විලියම්ස්ගේ ආරාධනය පරිදි පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 298ක් රැස් කළා.
ඒ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 06ක් දැවී යාමෙන්.
ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය මන්දගාමී වුවද ඉනිමේ මැද භාගය වන විට ක්‍රම ක්‍රමයෙන් ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කර ගැනීමට ශ්‍රී ලංකා පිත්කරුවන් සමත් වුණා.
තරගයේ 36 වැනි පන්දුවාරයේ දී ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ලකුණු 6කට දැවී ගිය අතර ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 5කට ලකුණු 161ක් ලෙසින් සටහන්ව තිබුණි.
කෙසේවෙතත් ඉන් අනතුරුව පිටියේ සිය අණසක පතුරුවන්නට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් වූ ජනිත් ලියනගේ සහ කමිඳු මෙන්ඩිස් සමත් වූයේ ශ්‍රී ලංකා පිලේ පන්දුවාර 50 අවසානයේ දී ලකුණු 298ක අභියෝගාත්මක ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනි.
එහිදී ජනිත් ලියනගේ පන්දු 47කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 70ක් සහ කමිඳු මෙන්ඩිස් හයේ පහර දෙකක් සහ හතරේ පහර 4ක් සමඟින් පන්දු 36කදී ලකුණු 57ක් ලබාගන්නට සමත්විය.
එහිදී පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ, පැතුම් නිස්සංක ලකුණු 76ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 38ක්ද, සධීර සමරවික්‍රම ලකුණු 35ක්ද රැස් කළා.
පන්දු යැවීමේදී Richard Ngarava කඩුළු 02ක්ද, Blessing Muzarabani, Trevor Gwandu, Sikandar Raza සහ Sean Williams එක් කඩුල්ල බැගින් දවාගත්තා.
මේ අනුව ජයග්‍රහණය සඳහා පන්දුවාර 50ක් තුළ දී ලකුණු 299ක් සිම්බාබ්වේ පිල විසින් ලබා ගත යුතුව ඇත.

2026 මුල් මාස පහේදී ශ්‍රී ලංකාවට වාර්තාගත අපනයන ආදායමක්
විමල් වීරවංශගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙක් රිමාන්ඩ්
ඇඟිල්ල පාට නොකරන්න ගත්තු තීරණයෙන් රටට දැවැන්ත මුදල් ඉතිරියක්
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මෙට්‍රො බස් ගැන ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්
රුහුණේ සරසවි සිසුවියක් ඩෙංගු මාරයාට බිලි වෙයි
නව පනත කෙටුම්පතක්! අවුරුදු 16ට අඩු මෙරට දරුවන්ට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය තහනම් වන ලකුණු!
උසස් පෙළ, ශිෂ්‍යත්ව හා සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් විශේෂ නිවේදනයක්
ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම කල් යයි
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන
ඉතිහාසගත වූ චමරි අතපත්තු