ඉකුත් 26 වැනි දා කිරිබත්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික උපකාරක පන්තියක් ඉදිරිපිට දී පාසල් සිසුන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ 20 හැවිරිදි පුත්‍රයා ඇතුළු කණ්ඩායමක් කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමෙන් අනතුරුව
පිටව ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා ඇතුළු කණ්ඩායම ද
පොලිස් ඇපමත මුදා හැර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම පහරදීමට රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා පැමිණ ඇත්තේ කර්මාන්ත හා වාණිජ කටයුතු
අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කරන ලද වාහනයක බවට ද අනාවරණ වී තිබෙනවා.
ඔවුන් පහරදීම සඳහා පැමිණි මෝටර් රථය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ
ලේකම්වරයා යටතේ ලියාපදිංචි කර ඇති ටොයෝටා 141 වර්ගයේ කළු පැහැති WP KX 8472 දරන
මෝටර් රථයෙන් බවයි වාර්තා වන්නේ.
පොලීසිය සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් අනුව අදාල සිද්ධියට හේතුව ලෙස
වාර්තා වන්නේ, ඇමති පුතුගේ මිතුරෙකුගේ පෙම්වතියකට, අදාළ සිසුන් දෙනොගෙන් අයෙක්
පෙම් හසුනක් දීම හේතුවෙන් ඇති වූ ගැටුමක් බවයි.
source – hiru news

ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල්ගේ නඩුවක් කල්යයි
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට