සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පුවතක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර, එවැනි ව්‍යාජ පුවත් පල කරන පුද්ගලයින්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන බව ද එහි සඳහන් වේ.
– උපුටාගැනීම –
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පස් දෙනෙකු 2025.08.30 වන දින ශ්‍රී ලංකා පොලීසිය මඟින් ඉන්දුනීසියාවේදී එරට පොලීසියේද සහය ඇතිව අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන විත් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන මේ වන විට ඉතා සාර්ථක ලෙස විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.
එම සැකකරුවන්ගෙන් අනාවරණය වෙමින් පවතින තොරතුරු අනුව අයිස් මත්ද්‍රව්‍ය මෙරට තුළ නිෂ්පාදනය කිරීමේ අරමුණින් ගෙන්වන ලද බහාලුම් දෙකක තිබූ ඒ සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙනිය ප්‍රදේශයෙන් හමුවී තිබිණි.
එම රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම සම්බන්ධව පුළුල් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක ජාත්‍යන්තර තොරතුරු ලැබී තිබියදීත්, රතු ලේබල් කර තිබූ මෙම බහාලුම් නිදහස් කර ඇති බවට සඳහන් කරමින් මෙම මෙහෙයුම භාරව කටයුතු කරන බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ ඡායාරූපයක් ද සහිතව ඒ මහතාව සම්බන්ධ කරමින් ව්‍යාජ පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මෙය සම්පූර්ණයෙන්ම සාවද්‍ය පල කිරීමක් බව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරන අතර, මෙවැනි ව්‍යාජ පුවත් පලකිරීම තුලින් මෙම මෙහෙයුම් අඩාල කිරීම හා නිලධාරින් අපහසුතාවයට පත් කිරීම මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය අපකීර්තියට ලක් කිරීම ද සංවිධානාත්මක අපරාධවලට උත්තේජනයක් ලබා දෙන සුළුතර පිරිසකගේ අරමුණ බව ද නිරීක්ෂණය වේ.
මෙම සාවද්‍ය පලකිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියේ දැඩි අවධානය යොමුව ඇති අතර, මෙවැනි අසත්‍ය පලකිරීම් සිදු කරන පුද්ගලයින්ට එරෙහිව තදින් නීතිය ක්‍රීයාත්මක කරන බව වැඩිදුරටත් දන්වා සිටිමි.
– උපුටාගැනීම අවසන් –

සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළට
ඉදිරි වසර පහ තුළ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට! එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්!
තරුෂ මෙන්ඩිස්ට රිදී පදක්කමක්
කත්නෝරුවේ හිමි වැනි අයගේ සහයෝගය ඕනේ – ජනපති
විදුලි බිල අඩු කරන පෙරනිමිති! ශ්‍රී ලංකාවට ප්‍රථම වරට බැටරි බලශක්ති ගබඩා පද්ධති!
අටමස්ථානාධිපති තනතුරේ වෙනසක්! පල්ලේගම හේමරතනගේ තනතුරු අත්හිටුවයි!
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ
පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණයක්! ජනපතිගෙන් IMF වෙත සහතිකයක්!
මෙවර වෙනස්ම ආකාරයේ දන්සැල් රැසක්! පවත්වන ස්ථාන හා වේලාවන් මෙන්න!
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදයි
මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සියලුම පාසල් වෙත මාර්ගෝපදේශ නිකුත් කෙරේ