Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මාරක අනතුරු කිහිපයක්! පොලිස් නිලධාරියෙක් ඇතුළු 6ක් මරුට!

9 months ago

ජාඇල මිනුවන්ගොඩ මාර්ගයේ මොන්ටා හන්දිය අසලදී ජාඇල දෙස සිට මිනුවන්ගොඩ දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පදික පුද්ගලයා බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 60ක් වූ කණුවන, ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම දෙනියාය අකුරැස්ස මාර්ගයේ 61 වන කිලෝ මීටර් කනුව ආසන්නයේදී දෙනියාය දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඉදිරියෙන් ධාවනය වූ කැබ් රථයකට හා බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී බස් රථයේ ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් පැදිකරු හා පසුපැදිකරු බරපතළ තුවාල ලබා කොස්නිල්ගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකරු මියගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ මොරවක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර කොල්ලුපිටිය කඩුවෙල මාර්ගයේ තලාහේන ප්‍රදේශයේදී ද මාරක අනතුරක් සිදුව තිබේ.

මාළඹේ දෙස සිට කොස්වත්ත දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව පසුපැදිකරු සමඟ මාර්ගයේ පෙරළී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ඉදිරිපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. 

අනතුරින් පැදිකරු හා පසු පැදිකරු බරපතළ තුවාල ලබා කොස්වත්ත රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකරු මියගොස් තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 21ක් වූ ශ්‍රී සුභූතිපුර, බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

යාපනය මන්නාරම මාර්ගයේ 18 කණුව අසලදී පුනරින් දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් ද මාරක අනතුරක් සිදුව තිබේ. 

අනතුරින් පැදිකරු හා පැදියෙහි ගමන් කළ ඔහුගේ ඥාති දැරියක් බරපතළ තුවාල ලබා චාවකච්චේරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දැරිය මියගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 05ක් වූ කොඩිගාමම් ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පුත්තලම කොළඹ මාර්ගයේ සෙම්බැට්ට ප්‍රදේශයේදී ද සිදු වූ අනතුරකින් පොලිස් සැරයන්වරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. 

පුත්තලම දෙසට ධාවනය වූ කාර් රථයක් විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. 

අනතුරින් කාර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 55 ක් වූ සාලිය වැව, පුත්තලම ප්‍රදේශයේ පදිංචි කරුවලගස්වැව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *