Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයාට මන්ත්‍රීධුරය අහිමි වෙයිද? පෙත්සම කැඳවීමට දින නියම වෙයි!

9 months ago

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන පෙබරවාරි 27 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. 

එම පෙත්සම අද (29) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. 

එහිදී පෙත්සම්කාර සහ වග උත්තරකාර පාර්ශවයේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන වසරේ පෙබරවාරි මස 27 වනදා කැඳවන ලෙස නියම කළේය.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් මහ මැතිවරණයෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පත් කෙරුණු බවයි.

මෙම පත්කිරීම සිදුකරන අවස්ථාවේදී උපාලි පන්නිලගේ මහතා රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයකු වශයෙන් සේවය කරමින් සිටි බවට තොරතුරු ලැබී ඇති බවත් පෙත්සම්කරු කියා සිටි.

එම තත්ත්වය මැතිවරණ නීතියට පටහැනි  බැවින් උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රි ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *