ආණමඩුව දිවුල්වැව ප්‍රදේශයෙ නිවසක සිටි සිව් හැවිරිදි දරුවකු පැහැරගෙන ගොස් උරයක දමා ගැටගසා වැව් පිටියක දමා ගොස් සිටියදී සොයා ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.
දිවුල්වැව නිවසක සිටි දරුවා මවගෙ රැකවරණයේ සිටියදීම ගම්මානයෙම පදිංචි මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුවකු හා සොරකම් රැසකට සම්බන්ධ 22 හැවිරිදි පුද්ගලයකු මෙසේ දරුවා පැහැර ගෙන ගොස් තිබු බව පොලිසිය කියයි.
එසේ පැහැර ගත් දරුවා නිවසේ සිට මීටර 150 කට ආසන්න දුරකින් පිහිටි දිවුල්වැව වැවේ ලදු කැලෑවකට රැගෙන ගොස් කිසියම් අතවරයකට ලක්කර පසුව පොහොර උරයකට දමා එය ගැට ගසා වැවේ කෑලැ රෝදක දමා සැකකරු පැන ගොස් තිබු බව ආණමඩුව පොලිසිය කියය.
මෙම දරුවාගේ මව නිවස ඉදිරිපිට වෙළද සැලේ සිටියදී සැකකරු මෙසේ පැහැර ගැනිම සිදුව ඇති බව කියයි.
දරුවා නොමැති බව දැනගත් මව නිවස හා වෙළද සැල අවට සොයා ඇති අතර පසුව ප්‍රදේශවාසින් සමග එක්වි දරුවා සොයද්දී උරයක දමා ඉතා අසිරුවෙන් සිටියදී බේරා ගෙන ඇති බව කියයි.
ඒ අතර තුර මෙම සිද්දියට සම්බන්ධ යැයි සැකකරන සැකකරු දිවුල්වැවට ඉහල කෑලැ බද ප්‍රදේශයක සිටියදී ප්‍රදේශවාසින් විසින් සොයා ගෙන ආණමඩුව පොලිසියෙ නිළධාරින්ට භාර දී තිබුනී.
ගම්වාසින්ගේ ප්‍රහාරයට ලක්වු සැකකරු පොලිස් නිළධාරින් දැඩි පරිශ්‍රමයක් දරා ආණමඩුව පොලිසිය වෙත රැගෙන යාම සිදුව තිබුනී.
– lankadeepa –

විමල්ගේ සහෝදරයා අධිකරණයට
අද සිට වැසි තත්ත්වයේ වෙනසක්
ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතරට පත් වූ ශ්‍රී ලංකාව
“මත්පැන් නිෂ්පාදනය නතර කරනවා” – මත්පැන් නිෂ්පාදකයින් රතු එළි දල්වයි
කාඩ් එකෙන් ගෙවද්දී වැඩිපුර කපන සල්ලි ආපහු ගන්න ක්‍රමය මහ බැංකු අධිපති කියයි
වෙබ් සංස්කාරකවරුන්ගේ සිට වේශ නිරූපණ ශිල්පීන් දක්වා පොලිසියේ රැකියා අවස්ථා! නවතම රැකියා අවස්ථා මෙන්න!
දෙහිවල නිසල සෙවණේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තියා ඇත්තේ ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවකට?
සියලුම බස් රථ වලට පැනවූ අලුත්ම නීතිය
ජනපති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අතර හමුවක්
මගේ පුතාට තියෙන චෝදනාවලට කිසිම සාක්ෂියක් නැහැ – ශාන්ත බණ්ඩාර
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර