සැත්කමකින් පසු තරුණියක මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින රාගම
ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය හසංජය ගුණවර්ධන සිදු කළ සැත්කමකින් එක්තැන් වී
සිටින උපාධිධාරි ගුරිවරියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වනවා.
මේ පිළිබඳ නිසි විමර්ශනයක් පවත්වන ලෙස තමන් රාගම ශික්ෂණ රෝහලේ පාලනාධිකාරියෙන්
ඉල්ලීම් කළ ද මේ දක්වා ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි ඇගේ දෙමාපියන් පෙන්වා දෙන්නේ.
මෙලෙස එක්තැන්ව සිටින්නේ එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ආර්. ඒ කළණි ඉරෝෂා පෙරේරා නැමති කොළඹ ප්‍රසිද්ධ පාසලක සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපනය ඉගැන්වීම් සිදු කළ ගුරුවරියක්.
ඇය දීර්ඝ කලක් තිස්සේ ගැස්ට්‍රයිටීස් රෝගයෙන් පීඩා විඳ ඇති අතර එම තත්වය උග්‍ර වීම හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා පසුගිය වසරේ ඔක්තෝබර් 27 වන දින රාගම ශික්ෂණ රෝහලේ 38 වාට්ටුවේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් වී තිබෙනවා.
එහිදී සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වූ කරුණු මත විශේෂඥ ශල්‍ය වෛද්‍ය හසංජය ගුණවර්ධන ඇතුලු වෛද්‍යවරුන් උපදෙස් දී ඇත්තේ ඇයගේ පිත්තාශයේ සහ පිත්තනාලයේ ගල්
ඇති බවටයි.
අනතුරුව පිත්තනාලයේ ගල් ඉවත් කිරීම සඳහා පසුගිය වසරේ නොවැම්බර් 05 වනදා ඇයව සැත්කමකට භාජනය කළ බව ඇගේ මව වන කේ. චන්ද්‍රානි නානායක්කාර ප්‍රකාශ කළා.
කෙසේ නමුත් එම සැත්කමෙන් අනතුරුව ඇයට සංකූලතා මතුවීම හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.
එහි ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පසුගිය ජනවාරි 25 වනදා රෝහලේ ස්නායු ඒකකයට ඇතුළත්
කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇයව යොමු කෙරුණේ රාගම පුනරුත්ථාපන රෝහලටයි.
කෙසේ වෙතත් මේ වනවිට ඇයව නිවසට රැගෙනවිත් ඇති අතර, ඇවිදීමට පවා නොහැකි කළණි ඉරෝෂාගේ, මව වැඩිදුරටත් සඳහන් කළේ සිය දියණියගේ ප්‍රතිකාර සඳහා විශාල මුදලක් දැරීමට තමන්ට සිදුව ඇති බවයි.
තම දියණිය මෙම වසරේ ජනවාරි මාසයේ සිය උපාධි ප්‍රධානෝස්වයට සහභාගි වීමට සහ මැයි මාසයේ සිය විවාහ මංගල්‍ය වෙනුවෙන් සූදානම්ව සිටි බවද ඇයගේ මව සඳහන් කරනවා.
සිය දියණියට සිදුවූ අසාධාරණය වෙනුවෙන් කඩිනම් පියවර ගන්නා ලෙසයි කළණි ඉරෝෂාගේ මව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.
මෙම වෛද්‍යවරයා වත්තල පෞද්ගලික රෝහලකදී සිදුකළ ශල්‍යකර්මයක් අසාර්ථක වීමෙන් තරුණියක රාගම ශික්ෂණ රෝහලේ දී මිය යාමේ පුවතක්ද මීට පෙර වාර්තාවුණා.
-hiru –

දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්
අද පස්වරුවේ වැසි වැටෙන ප්‍රදේශ
බිලිඳුන් සහ තරුණයන් ගැන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් බය හිතෙන හෙළිදරව්වක්
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට නව ලේකම්වරියක්
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වය වෙනස් වන ලකුණු