Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

එජාප – සජබ එක් කරන සැලැස්ම සජිත් අතට

3 days ago

එජාප – සජබ සමග එකට දේශපාලන කටයුතු කිරීමට අදාළ රාමුව ඇතුළත් සැලැස්ම කළමනාකරණ කමිටුවේ ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රි කබිර් හෂීම් මහතා විසින් අද (22දා) සවස විපක්ෂනායක කාර්යාලයේදී සජබ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා භාර දී ඇත.

එජාප – සජබ එකට එක්ව කටයුතු කරන ආකාරයට අදාළ රාමුවක් සකසා එය වාර්තාව ලබා දෙන ලෙසට සමගි ජන බලවේගය කළ ඉල්ලීමට අනුව මෙම රාමුව සකසා ඇත.

ඒ අනුව අදාළ සැලැස්ම සැකසීම සඳහා කබිර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න, එස්.එම්. මරික්කාර් හා මුජිබර් රහුමන් ඇතුළත් කමිටුවක් පත් කරනු ලැබීය.

එජාප – සජබ යන දේශපාලන පක්ෂ දෙක එකට වැඩ කිරීම, එක ප්‍රතිපත්තියක් හා එකට මැතිවරණවලට තරග කිරීමේ අරමුණින් මෙම වාර්තාව සකස් කොට ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *