Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයේ නඩු තීන්දුව ප්‍රකාශයට දින නියම වෙයි

1 day ago

අරගලය පැවති 2022 වසරේ මැයි නව වැනිදා නිට්ටඹුව නගරයේ දී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරීමය සම්බන්ධයෙන් පුද්ගලයන් 41 දෙනකුට එරෙහිව ගම්පහ මහාධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව 2026 ජනවාරි 14 ප්‍රකාශයට පත් කිරීමට ගම්පහ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළහ.

සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ විනිසුරුවරුන් හමුවේ අද මෙම නඩුව විභාගයට ගැනුණු අතර එහිදී විත්තියේ දේශන අවසන් කිරීමෙන් අනතුරුව මෙම තීරණය ප්‍රකාශයට පත් කළහ.

මෙම නඩුවේ විත්තිකරුවන් අතුරින් දෙදෙනෙක් නඩු විභාගය අතර තුර මියගොස් ඇත.

ඒ අනුව විත්තිකරුවන් තිස් හත් දෙනකුට එරෙහිව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *