Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගුරු සංවර්ධන නිලධාරීන් අකුරට වැඩ කිරීමට සැරසෙයි

1 day ago

සමස්ථ පාසල් පද්ධතිය තුළ සිටින ගුරු සංවර්ධන නිලධාරීන් ලබන සඳුදා (27) සිට අධ්‍යයන කටයුතුවලින් ඉවත් වන බව සමස්ත ලංකා පාසල් ගුරු සංවර්ධන නිලධාරී සංගමයේ ලේකම් විරාජ් මනරංග පවසනවා.

වසර හයකටත් වඩා වැඩි කාලයක් ගුරුවරු ලෙස රාජකාරි කළ තමන්ව වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා යටතේ ක්‍රියාත්මක වන ගුරු පුහුණු වැඩසටහන්වලට කැඳවීමක් නොකළ බවද හෙතෙම කියනවා.

පසුගිය කාලවල පැවති ගුරු පුහුණු වැඩසටහන්වලට තමන් සම්බන්ධ කර ගත්තත් මෙවර තමන්ට කැඳවීමක් නැති බවද ඔහු පවසනවා.  

පාසල් දරුවන්ට ජයග්‍රහණ රාශියක් ගෙන ඒමට ඇප කැප වූ තමන් නොසලකා හැර ඇති බවද හෙතෙම සඳහන් කරනවා.

වැඩිදුරටත් අදහස් දැක් වූ ලේකම්වරයා මෙසේ ද පැවසීය,

“27 වැනිදා ඉඳලා අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙලා සංවර්ධන නිලධාරීන්ගේ කටයුතුවල පමණක් නිරත වෙන්න අපි අදහස් කරලා තියෙනවා. එහෙම වුණාම ගුරුවරු ගුරුවරු අතර ගැටුම් ඇති වෙන්න ඉඩ තියෙනවා.විදුහල්පතිවරයාට පරිපාලනය කරගෙන යන්න අපහසු වෙන්න පුලුවන්. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තත්වය පාලනය කර ගත නොහැකි වෙන්නත් ඉඩ තියෙනවා. මේ සේරටම හේතුව අණ්ඩුවේ උද්ධච්ච තීන්දු තීරණ”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *