කතරගම කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වන කොඹවක ධම්මින්ද ස්වාමීන්වහන්සේගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බවට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වන පුවතක් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මාතර සහ හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වාර්තාවක් යොමු කර ඇත.
එම වාර්තාව අනුව කතරගම මහා දේවාල පරිශ්‍රය තුළ, අෂ්ඨඵල බෝධීන් වහන්සේ මෙන්ම කතරගම කිරිවෙහෙර සහ අනෙකුත් දේවාල පිහිටා ඇති අතර මෙම පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා පැය 24 ම ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 16 දෙනෙකු හා සිවිල් ආරක්ෂක බළකා නිලධාරියෙකුද යොදවා ඇති බවත්, කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේගේ ආරක්ෂාව සඳහා 2018 වර්ෂයේ සිට දේවාල මුරපොළ වෙත අනුයුක්ත කර සිටින නිලධාරීන් 17 දෙනෙකුගෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැය 24 ම ආවරණය වන පරිදි රාජකාරි යොදවා ඇති බවටත් දන්වා ඇත.
මීට අමතරව කතරගම දේවාල පරිශ්‍රය තුළ යුද හමුදා අනුකණ්ඩයක් ස්ථාපිත කර ඇති අතර එම යුද හමුදා අනුකණ්ඩයෙන්ද කතරගම කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාව සඳහා යොදවනු ලබයි.
ඒ අනුව, කතරගම කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වන කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාව හෝ පුදබිමෙහි ආරක්ෂාව ඉවත් කර ඇති බවට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අසත්‍ය පුවතක් බවටත් නියෝජ්‍ය පොලිස්පති මාතර සහ හම්බන්තොට දිසාව විසින් වැඩිදුරටත් වාර්තා කර ඇත.

දොඩන්ගොඩදී බිහිසුණු අනතුරක්
රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීමට නව ගැසට් නිවේදනයක්
නොච්චියාගම සමූපකාරයේ බලය ගෙඩිය පිටින් මාලිමාවට
ලසන්තගේ ඝාතකයින් සොයා පුළුල් මෙහෙයුමක්
මීටර 4×100 සහාය දිවීම රන් පදක්කම් ශ්‍රී ලංකාවට
ඉන්දියාවේ භූ කම්පනයක්
මිනුවන්ගොඩින් ඇසෙන හඳ කම්පනය කරවන පුවත! වයෝවෘද්ධ කතක් දූෂණය කර මරා දමලා!
නොවැම්බර් 05 වනදා සුනාමි පෙර සූදානමක්
ප්‍රේම්නාත් දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්
බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට මැර ප්‍රහාරයක්
ඉදිරි පැය 48ක කාලය ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි ප්‍රදේශ පිළිබඳව දැනුම්දීමක්
කිරිඳි ඔය දෙපස වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීමක්