ඊච්චන්කුලම පොලිස් වසමේ කල්මඩු ප්රදේශයේදී පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් බිරිඳව ඝාතනය කර තිබේ.
ඊයේ (04) උදෑසන කාලයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර එලෙස මියගොස් ඇත්තේ, පුම්පුකාර්, කල්මඩු ප්රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි කාන්තාවකි.
ඊයේ උදෑසන කාලයේ කල්මඩු ප්රදේශයේ නිවසක කාන්තාවක් හිසෙහි තුවාල සහිතව මියගොස් ඇති බවට ඊච්චන්කුලම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් ලැබී තිබුණි.
ඒ අනුව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය ස්වාමිපුරුෂයා විසින් සිදු කර ඇති බවය.
ඝාතනය සිදුකළ 33 හැවිරිදි ස්වාමිපුරුෂයා තම දියණිය සමඟ නිවසින් පිටව ගොස් එරාවූර් පොලිස් ස්ථානය වෙත භාර වී ඇත.
ඊච්චන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

පාර්ලිමේන්තුවට ඇවිත් උත්තර දෙන්න මහ බැංකු අධිපති සැරසෙයි
ලෝක වාර්තාවක් තැබූ කෝපි කෝප්පය
පොලිසිය දැක පලා ගිය අයෙක් ළිඳකට වැටී මරුට
කටුකුරුන්ද වෙරළ තීරයේ මිලියන 30ක හෂීෂ් හමුවෙයි
මෝදර දේවාල කමිටුවේ සභාපති ඝාතනය කළ හේතුව හෙළිවෙයි
ඇමෙරිකානු ගුවන් යානයක් කඩා වැටීමෙන් දරුණු අනතුරක්
දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා සංචිතය නම් කෙරේ
උතුරු පොල් ත්රිකෝණයේ වගාකරුවන්ට රජයෙන් සහනාධාරයක්
අද අහස බලන්න අමතක කරන්න එපා! සුවිශේෂී චන්ද්රයෙක් දැක ගැනීමට අවස්ථාවක්!
දිනකට තුන් දෙනෙකුට ජීවිත අහිමි කරන බුලත්විට මාරයා
ගුරුවරුන් ආණ්ඩුවට අවසන් නිවේදනය නිකුත් කරයි
අද සවස් කාලයේ කාලගුණයේ වෙනසක්