ඊච්චන්කුලම පොලිස් වසමේ කල්මඩු ප්‍රදේශයේදී පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් බිරිඳව ඝාතනය කර තිබේ.
ඊයේ (04) උදෑසන කාලයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර එලෙස මියගොස් ඇත්තේ, පුම්පුකාර්, කල්මඩු ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි කාන්තාවකි.
ඊයේ උදෑසන කාලයේ කල්මඩු ප්‍රදේශයේ නිවසක කාන්තාවක් හිසෙහි තුවාල සහිතව මියගොස් ඇති බවට ඊච්චන්කුලම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් ලැබී තිබුණි.
ඒ අනුව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය ස්වාමිපුරුෂයා විසින් සිදු කර ඇති බවය.
ඝාතනය සිදුකළ 33 හැවිරිදි ස්වාමිපුරුෂයා තම දියණිය සමඟ නිවසින් පිටව ගොස් එරාවූර් පොලිස් ස්ථානය වෙත භාර වී ඇත.
ඊච්චන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ඉරාන නව උත්තරීතර නායකයාට ප්‍රහාරයක්?
මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින්න! ජනතාවට අනතුරු ඇඟවීමක්!
උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට විදෙස් ශිෂ්‍යත්ව
විදුලිබල වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටුකිරීමට ජනපතිගෙන් පොරොන්දුවක්
ධම්මික රණතුංගට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්
දිට්වා අරමුදලට ආධාර වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් තරගාවලියක්
දිස්ත්‍රික්ක 7කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
“පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්න කොට මම සුරේෂ් සලේට කිව්වා ඊළඟට ඔයා, ඊට පස්සේ ගෝඨාභය කියලා” – උදය ගම්මන්පිල
හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ඉරාන නාවික මළ සිරුරු මත්තල හරහා ඉරානයට
ලෝක තෙල් මිල පාලනයට ඇමෙරිකාවෙන් ගත් තීරණය
ලංකාවේ විශාලතම ජල මූලාශ්‍රය පිටබැද්දරින් හමුවෙයි