ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් දිවයින පුරා වෙසෙන කාන්තා ව්‍යවසායකයින් සවිබලගැන්වීමට 2026 අයවැයෙන් තුළින් යෝජනා වී තිබේ.
ඒ අනුව ඔවුන් විසින් සිදුකරනු ලබන ස්වයං රැකියා, ගෘහස්ත කමාන්ත ආදිය නඟාසිටුවීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 240ක් වෙන් කර ඇත.
මේ යටතේ කාන්තා ව්‍යවසායකයින් හට නව ව්‍යාපාර ආරම්භ කිරීමට, ස්වයංරැකියා කටයුතු ශක්තිමත් කර ගැනීමට, ආධාර ලබාදීමට කටයුතු කරන අතර, කාන්තා අභිවෘද්ධිය ඉලක්ක කරගත් වැඩසටහන් සඳහා අමතර රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට යෝජනා කර තිබේ.
2026 වසරේ දී, ත්‍රිපෝෂ වැඩසටහන සහ ගැබිනි හා කිරි දෙන මව්වරුන් සඳහා වන මාසික පෝෂණ ආධාර වැඩසටහන වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන අතර, වඩා ශක්තිමත් කරන ලද ප්‍රජා සෞඛ්‍ය ජාලයන් ඔස්සේ මෙම වැඩසටහන්වල ආවරණය පුළුල් කිරීමටත්, බෙදාහැරීම ශක්තිමත් කිරීමටත් බලාපොරොත්තු වේ.
රටේ ශ්‍රම බළකායට කාන්තාප්‍රජාව විසින් දක්වන සහයෝගය ඉතා වැදගත් වෙන බව ද අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසීය.
කෙසේ නමුත්,කාන්තා ශ්‍රමබලකා සහාභාගීත්ව අනුපාතය සියයට 32ක් වැනි අඩු මට්ටමක පවතී.

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්