මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අභිනව දියවඩන නිලමේ ධුරයට ප්‍රදීප් නිලංග දෑල තෙවැනි වරටත් අද (07) තේරී පත්වුණේ වැඩි ඡන්ද 145ක් ලබා ගනිමින්.
මෙවර දියවඩන නිලමේ ධුරය සඳහා ප්‍රදීප් නිලංග දෑල, දමින්ද උඩුරාවණ, ඒ.ඩබ්ලිව්.එස් බණ්ඩාරනායක, මහචාර්ය තිලක් සුබසිංහ, ගාමිණි කළුහෙන්දිවෙල, රොෂාන් ප්‍රියදර්ශන හා නන්ද මඩුගල්ලේ ඉදිරිපත් වන බව කල්වේලා ඇතිව ප්‍රසිද්ධ කර තිබුණා.
එසේ වුවත් මහචාර්ය තිලක් සුබසිංහ, ගාමිණි කළුහෙන්දිවෙල, රොෂාන් ප්‍රියදර්ශන හා නන්ද මඩුගල්ලේ යන අයගේ නම් යෝජනා කිරීමට ඡන්ද දායකයින් කිසිවෙකු හෝ ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔවුන්ට රැස්වීම් ශාලාවේ රැඳී සිටීමට අවසර ලැබුණේ නැහැ.
තරිඳු දෑලගේ නම නාම යෝජනාවක් ලෙස ඉදිරිපත්ව ස්ථිර වුවත් ඔහු පසුව අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වුණා.
මෙහි දී සමස්ත 267 ක් වූ ඡන්ද සංඛ්‍යාවෙන් ප්‍රදීප් නිලංග දෑලට ඡන්ද 195 ක් ද, දමින්ද උඩුරාවණ මහතාට ඡන්ද 50 ක්ද, ඒ.ඩබ්ලිව්.එස් බණ්ඩාරනායක මහතාට ඡන්ද 13 ක්ද ද ලැබිණි.
මේ අනුව ප්‍රදීප් නිලංග දෑල මහතාට 2035 දක්වා වසර 10 ක කාලයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය හෙබවීමේ අවස්ථාව හිමිවෙනවා.
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයට 2005 වසරේ දී ඡන්ද 196 ක් ලබා ගනිමින් මුල්වරට තේරී පත්වූ නිලංග දෑල මහතා 2015 වසරේ දී යළිත් එම ධුරයට පත්වූයේ ඡන්ද 205 ක් ලබා ගනිමිනි. තෙවන වරටත් දියවඩන නිලමේ ධුරයට පත්වීමත් සමඟ වැඩිම කළක් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය දැරෑ පුද්ගලයා ලෙස නිලංග දෑලගේ නම ඉතිහාසයට එක්වෙයි.

වෙබ් සංස්කාරකවරුන්ගේ සිට වේශ නිරූපණ ශිල්පීන් දක්වා පොලිසියේ රැකියා අවස්ථා! නවතම රැකියා අවස්ථා මෙන්න!
දෙහිවල නිසල සෙවණේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තියා ඇත්තේ ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවකට?
සියලුම බස් රථ වලට පැනවූ අලුත්ම නීතිය
ජනපති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අතර හමුවක්
මගේ පුතාට තියෙන චෝදනාවලට කිසිම සාක්ෂියක් නැහැ – ශාන්ත බණ්ඩාර
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර
අග්රභාර රක්ෂණ භාර අරමුදලෙන් නිවේදනයක්
RMV හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
රොෂාන් ධම්මික මීටර් 110 කඩුලු ඉසව්වේ අවසන් තරගයට
රන් මිලෙහි ක්ෂණික ඉහළ යාමක්
මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි