ගුරුවරු බිහිකිරීමට ජාතික මට්ටමේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවක දී ය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අපට ලොකු ඉල්ලීමක් තිබුණා විද්‍යාපීඨ විශ්වවිද්‍යාල තත්ත්වයට ගේන්නයි කියලා. දැන් ඒ සඳහා අවශ්‍ය මූලික සාකච්ඡාව මම අවසන් කළා. ඒ තොරතුරු කෙටුම්පත් කරන්නයි කියලා උපදෙස් දීලා තියෙනවා, අමාත්‍ය මණ්ඩල සංදේශයත් එක්ක. ගුරු වෘත්තිය සඳහා ජාතික විශ්වවිද්‍යාලයක් අපි බිහි කරනවා. ඒ බිහි කරනකොට ඔය කියන සංඛ්‍යාව ඔයිට වඩා විෂය වර්ගය අනුව අපිට වැඩි කරන්න වේවි.”
“එතකොට අපි අවුරුදු තුනක් න්‍යායාත්මක අධ්‍යයන පුහුණුව දීලා අවුරුද්දක් ගුරු පුහුණුව දෙනවා. අවුරුදු හතරකදී පන්ති කාමරයට එන්නේ ගුණාත්මක භාවයකින් යුතු ගුරුවරයෙක්. ඒ නිසා ඔය දුර්මත සලකන්න එපා. මම ඉතාම පැහැදිලිව කියනවා, ඉතා වෙහෙසකරව අපි කටයුතු කරගෙන යනවා, දිවා රෑ නොබලා මේ ගුරු විශ්වවිද්‍යාලය හදන්න.”
“ගුරු අධ්‍යාපනඥ සේවයේ අයත් ඒකට එකතු කරනවා. ඒ දේශකයන් හැටියටයි. අපිට ගන්න වෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ තියෙන නිර්ණායකයන්. ඒ අනුව විශ්වවිද්‍යාලය හදනකොට අවුරුදු හතරේ පාඨමාලාව මගින් උපාධිධාරී පුහුණු ගුරුවරයෙක් තව අවුරුදු පහකදී පාසලට ලබාදෙන්න අපි සැලසුම් කරලා තියෙන්නේ.”

වෙබ් සංස්කාරකවරුන්ගේ සිට වේශ නිරූපණ ශිල්පීන් දක්වා පොලිසියේ රැකියා අවස්ථා! නවතම රැකියා අවස්ථා මෙන්න!
දෙහිවල නිසල සෙවණේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තියා ඇත්තේ ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවකට?
සියලුම බස් රථ වලට පැනවූ අලුත්ම නීතිය
ජනපති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අතර හමුවක්
මගේ පුතාට තියෙන චෝදනාවලට කිසිම සාක්ෂියක් නැහැ – ශාන්ත බණ්ඩාර
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර
අග්රභාර රක්ෂණ භාර අරමුදලෙන් නිවේදනයක්
RMV හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
රොෂාන් ධම්මික මීටර් 110 කඩුලු ඉසව්වේ අවසන් තරගයට
රන් මිලෙහි ක්ෂණික ඉහළ යාමක්
මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි