අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුව කැඳවීමට ගත් තීරණය පිළිබඳව ස්තුතිවන්ත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක , පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා.
තමා පසුගිය දිනවල ආපදාවට ලක්වූ ප්‍රදේශවලට ගිය බවත් එහිදී විපතට පත්ව සිටින ජනතාව මුණ ගැසුණු බවත් ඔවුන්ට කඩිනම් සහන අවශ්‍ය බවත් නාමල් රාජපක්ෂ පෙන්වා දෙනවා.
මෙම තත්ත්වයන් පිළිබඳව ද පාර්ලිමේන්තුවේ අවධානය යොමු වීම වැදගත් වන බවයි නාමල් රාජපක්ෂ කියා සිටින්නේ.
ඊයේ(12) මධ්‍යම රාත්‍රියේ කථානායකවරයා විසින් මේ මස 18 වැනිදා පාර්ලිමේන්තුව කැඳවමින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ඉල්ලීමකට අනුවය.
මීට ප්‍රථම පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙසට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගෙන් සහ කථානායක ජගත් වික්‍රමරත්නගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබුණා

ඩෙංගු රෝගීන් 82,000ක්! අධි අවදානම් කලාප 175ක!
දැඩි ඇප කොන්දේසි මත ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු පිරිසට ඇප
ඩොලරයට අද හිමි වූ වටිනාකම
දිවයිනේ ප්රමුඛ පෙළේ ටියුෂන් ආයතන හිමිකරුවෙකු මත්ද්‍රව්‍ය සමග මාට්ටු
ශ්‍රී ලාංකිකයන්ට ඉන්දීය වීසා නිකුත් කිරීම ලිහිල් කෙරේ! දඹදිව වන්දනාකරුවන්ට නොමිලේ වීසා පහසුකම්!
පැය 24කට වඩා උණ තියෙනවා නම් බලන් ඉන්න එපා! සෞඛ්‍ය අංශවලින් උපදෙස්!
සියලුම රාජ්‍ය ආයතනවල අද සිට ඇරඹෙන විශේෂ සතිය
කාලගුණයේ දැනෙන වෙනසක්
මහා සඟ සමුළුව අද කොළඹදී
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට
ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්